ගණන් ෆේල් අයට ඉස්කෝලෙ එන්න දීම මෙලොවට කීර්තියක් හා පරලොවට පින් කමක් - බන්දුල
පසුගියදා (24) සව්සිරිපාය ශ‍්‍රවණාගාරයේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයේ 2013 වසර වෙනුවෙන් පැවැති තිළිණ හා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින්
1977 වසරේ විවෘත වෙළෙඳ පොළ ආර්ථිකය හඳුන්වා දෙමින් 1978 වසරේදී නිකුත් කළ චක‍්‍රලේඛය මඟින් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් දරුවන්ට නැවත පාසලට ඒමේ වරම් අහිමි කළ බව ප‍්‍රකාශ කෙළේ ය.
පසුව අප රජය යටතේ එය නිවැරදි කරමින් වයස 16 න් ඉක්මවූ දරුවන්ට පවා නැවත පාසලට ඒමේ වරම් හිමි කර දුන් බවද කී අධ්‍යපන ඇමැතිවරයා
බාධා වළකමින් නැවත ඔවුන්ට පාසල් එන්නට හැකි වන ලෙස වෙනස්කම ඇති කර මේ සත් ක‍්‍රියාව දරුවන් වෙනුවෙන් සලසා දුන් ලේකම්වරයාට මෙලොව වශයෙන් කීර්තියක් හා පරලොව වශයෙන් පින් කමක් අත් වන බවද සඳහන් කෙළේ ය.