බම්බලපිටියට කිරුළපනට මාදිවෙලට සුපිරි ප‍්‍රයිමරි කොළඹ ජනප‍්‍රිය පාසල්වලට ළමුන් ඇතුලත් කිරීමේ බන්දුලගේ ‘අපූරු විසඳුම’ එළිදකි

කොළඹ ජනප‍්‍රිය පාසල්වල පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේ ගැටලූවට දේශපාලනඥයින් විවිධ විසඳුම් සොයනවා. තමන්ට ආධාර කළ අයට හිතවතුන්ට සැලකීමට ජනප‍්‍රිය පාසල්වල පන්තිවල වේකන්සි මදිවීමට ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ ආදි ශිෂ්‍යයින් හා ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන් ඒවාට ආයිතිවාසිකම් කියන නිසාය.

කාලයක් තිස්සේ අනෙක් බොහෝ කාරණා පැත්තක තිබියදී බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයා මේ සඳහා විසඳුම් සෙවූ අතර දැන් ඔහු අලූත්ම ක‍්‍රමවේදයක් සකසා ඇත.
ඒ අනුව බම්බලපිටිය,කිරුළපන,මාදිවෙල,කලල්ගොඩ,මත්තෙගොඩ ආදී ප‍්‍රදේශ කිහිපයක දැනට වසා දමා ඇති පාසල් කොළඹ රාජකීය, ආනන්ද, නාලන්දා, විශාඛා, සිරිමාවෝ , මුස්ලිම් කාන්තා සහ හින්දු යන විද්‍යාලවලට අනුයුක්ත කර
එම පාලනය යටතේ ගුරුවරු යොදවා ජනප‍්‍රිය පාසල් හා අනුබද්ධ ප‍්‍රාථමික විද්‍යාල බිහිකරන්නට නියමිතය.
මේවාට රජයේ සේවක ළමයින් හා පාසල් පිහිටි ග‍්‍රාම සේවා වසමේ ළමයින් බඳවා ගැනීමටද නියමිතය.ඒවාට ආධාර ලෙස රජයෙන් රුපියල් ලක්ෂ 100 බැගින් වෙන්කරන්නට නියමිත අතර එක්පාසලක පන්ති 10 බැගින් අරඹන නිසා විශාල පිරිසක් බඳවාගන්නටද බලාපොරොත්තු වේ.
නමුත් මෙම සුපිරි ප‍්‍රාථමික පාසල්වලට ඇතුළත් වන දරුවන් පහේ පන්තියෙන් පසු එම අධීක්ෂණය භාරගත් කොළඹ පාසල්වලට දමන්නේ නැත.
බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ සැලසුම අනුව එම දරුවන් ශිෂ්‍යත්වය සමත්වන්නේ නම් පමණක් කොළඹ ජනප‍්‍රිය පාසල්වලටද ශිෂ්‍යත්ව විභාගයෙන් ප‍්‍රමාණවත් ලකුණු ලබා නොගන්නා ළමයින් කොළඹ දිස්ත‍්‍රික් මහින්දෝදය ද්විතීයික පාසල් වෙතද හය ශේණිය සඳහා බඳවා ගන්නා බව කියැවෙනවා.
ඒ අනුව මෙම සුපිරි ප‍්‍රාථමික පාසල්වලට
ජනප‍්‍රිය පාසල්වල ලේබලය අලවා සිදු කරන්නට යන්නේ ප‍්‍රධාන ජනප‍්‍රිය පාසල්වලට දරුවන් දැමීමේ ආසන්න පදිංචිකරුවන්ගේ තදබදය හැකි පමණ අවම කරගැනීමය.
මෙම පාසල් ඇති කළ පසු දේශපාලක හිතවතුන්ගේ දරුවන්ට  ඕනෑතරම් ජනප‍්‍රිය පාසල් වේකන්සි ලැබෙනු ඇත.ටික කලක් යද්දී ජනප‍්‍රිය පාසල්වල සිටිනු ඇත්තේ ‘පන්දම් දරුවන්’ සහ ශිෂ්‍යත්ව දරුවන් පමණි. අලූත් පාසල්වලට 6 පන්තියේ සිට ශිෂ්‍යත්වයෙන් පමණක් සුපිරි පාසල් වෙත යාහැකි නිසා නැවතත් පෙර ජනප‍්‍රිය තරගකාරී පීඩාවම වෙනත් මුහුනුවරකින් ඇතිවන අතර මෙය මේ ගැටලූවට විසඳුමක්ද? යන්න සොයා බැලිය යුත්තකි.

මෙම ආදර්ශ ප‍්‍රාථමික පාසල් බිහිකිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව මත්තේගොඩ ජාතික නිවාස යෝජනා ක‍්‍රමය අසල දැනට වසා දමා ඇති කිරිගම්පමුණුව විද්‍යාලය, මාදිවෙල රාහුල විද්‍යාලය, කලල්ගොඩ මහා විද්‍යාලය, කිරුළපන අග‍්‍රාමාත්‍ය විද්‍යාලය, බම්බලපිටිය වෛශාඛ විද්‍යාලය සහ බස්නාහිර පළාතට අයත් දෙමළ හා මුස්ලිම් පාසල් එක බැගින් පාසල් දෙකක් ඇතුළුව පාසල් හතක් මධ්‍යම රජයට පවරාගෙන මෙම ආදර්ශ ප‍්‍රාථමික පාසල් ගොඩනැගීමට නියමිතය.

කොළඹ ජනප‍්‍රිය පාසල්වල පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී ඇතිවන තදබදය හා තරගකාරීත්වය මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට වඩාත් යහපත් ගුණාත්මයෙන් යුත් පාසල් පද්ධතියක් ලබාදීම අරමුණු කොට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙය ක‍්‍රියාත්මක කර ඇති බව රජයේ නිවේදනයේ දැක්වේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්