හරීන් ප‍්‍රනාන්දු ගේ රිය පෙලකට ඊයේ ගල් ප‍්‍රහාරයක්

හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා ගමන් ගත් රිය පෙලකට ගල් ප‍්‍රහාරයක් එල්ලවී ඇත.

ඊයේ පස්වරු 5 ට පමණ හාලි ඇල පොලිස් මුරපොළ අසලදී මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත. මෙම ප‍්‍ර‍්‍රහාරයෙන් හරීන් ප‍්‍රනාන්දු මහතා ගේ රිය පෙලෙහි ගමන් ගත් වාහන 3 කට පමණහානි සිදුවී තිබේ.හාලිඇළ මැතිවරණ බල

ප‍්‍රදේශයේ දී එජාප ආධාරකරුවන් 6 දෙනෙකුට ස්ථාන කිහිපයකදීම ගල් ගැසීම් සහ තර්ජනය කිරීම් පිළිබඳව වාර්තා වීමත් සමඟ ඔවුන් හමුවීමට ගොස්  පැමිණීමෙන් සිටියදී හරීන් ප‍්‍රනාන්දු මහතා රැගත් රථ පෙළ මෙම ප‍්‍රහාරයට ලක්වී තිබේ.
මෙම ප‍්‍රහාරයෙන් හරීන් ප‍්‍රනාන්දු මහතාට තුවාල සිදුවී නැති අතර ඒ මහතාගේ වාහනයට මෙන්ම ඔහුගේ ආධාරකරුවන් රැගත් තවත් වාහන දෙකකටද මෙහිදී ප‍්‍රහාර එල්ල වී තිබේ.
කිසියම් පිරිසක් විසින් හාලිඇල නගරයේ එජාප කාර්යාලයක කටවුට් ගිනි තැබීමක් සිදුකරන ලදැයි යන ආරංචියක් අනුව එහි
ගිය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ රථවාහනවලට මෙසේ ප‍්‍රහාර එල්ල වී ඇත.
හාලිඇල නගරයේ පිහිටි ඌව පළාත් සභාවට එජාපයෙන් තේරී පත්වූ ජයන්ත කන්නන්ගර මහතාගේ කාර්යාලයක වූ කටවුට්වලට මෙසේ කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමට යැමේදී දෙපිරිසක් අතර කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු ද පහර කෑමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
තමා මෙම සිද්ධිය වීඩියෝ ගතකොට ත‍්‍රිරෝද රියකින් ආපසු එනවිට පිරිසක් ‘මූ තමයි වීඩියෝ කළේ’ යෑයි කියමින් ත‍්‍රිරෝද රියට හා තමාට පහර දුන් බව එම පහරදීම සිදුකළ පුද්ගලයන් ඇමැතිවරයකුගේ ආධාරකරුවන් බවත් තුවාල ලැබූ ‘සිරස ප‍්‍රාදේශීය මාධ්‍යවේදී කපිල චන්දන කුරුප්පුආරච්චි මහතා පැවැසීය.
තවද මෙම සිද්ධිය වීඩියෝ ගත කරගෙන යනවිට තමාගේ වාහනයටද පිරිසක් පහරදී අලාභහානි සිදු කළ බව මාධ්‍යවේදී පාලිත ආරියවංශ මහතා ද පොලිසියට පැමිණිලිකොට ඇත.
පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැලැක්වීමට මැදිහත් වන ලෙස මොණරාගල දිසාපති වරයා සහ කැෆෙ සංවිධානය අද මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර අපේක්ෂකයන්ට ආරක්ෂාව සලසන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඊයේ සවස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්