තරුණිය රේල් පාරෙන් ඉවතට පැනලා තරුණයා රේල් පාර හරි මැද දිගාවෙලා මැරෙන්න ගිය යුවළම බේරිලා මගීන්ගෙන් ගුටි
දුම්රියකට පැන දිවිනසාගන්නට කල්පණා කළ පෙම් යුවළක් දුම්රියක් එනවිට හැසිරුණ ආකාරයේ දෝෂයක් නිසා දෙදෙනාම බේරුණු සිද්ධියක් ඊයේ අහංගමින් වාර්තා වුණා.
එක්දරු මවක හා තිදරු පියෙකු වන මේ දෙදෙනා වැලිගම ප්රාදේශීය සභාවේ කම්කරුවන් ලෙස සේවය කරන්නන්ය. දෙදෙනා අතර කාලයක පටන් අනියම්
සම්බන්ධයක් පවතින අතර එක්තැන්වන්නට ඔවුන් උත්සාහ කළත් එයට ඉඩක් ලැබී නැත. එකට දිවිගෙවන්නට සමාජයෙන් හා පවුල්වලින් ඉඩ නොදීම නිසා කිසිදු විකල්පයක් නැති තැන
දෙදෙනාම කල්පණා කර ඇත්තේ දුම්රියට පැන දිවි නසාගන්නටය.
ඒ අනුව ඊයේ උදෑසන අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ රැඳී සිටිමින් දුකට හඬමින් සිටි බව කියන මේ දෙදෙනා ගාලූ කුමාරි දුම්රිය එන බව දර්ශනය වත්ම රේල් පාර දෙසට ගොස් ඇත්තේ දිවි තොරකරගන්නටය. නමුත් දුම්රිය කිට්ටු වනතුරුම දෙදෙනා එකට සිටියත් අඩි කිහිපයක් තිබියදී තරුණිය ජීවිත ආශාව ඇතිවී වහා රේල් පාරෙන් ඉවතට පැන ඇත. නමුත් තරුණයා ඉවත්ව ගියේ නැත. ඔහු දුම්රියේ පීලි දෙක අතර හරිමැද බිම දිගා වුණේය.
කිසියම් අයෙකු දුම්රියට පනින්නට උත්සාහ කරන බව දුම්රිය රියදුරුට පෙනී ගියත් ඔහුට එකවරම දුම්රිය නතරකරගන්නට හැකියාවක් නොවූ අතර දුම්රිය දිගාවූ තරුණයා පසුකර ගිය පසු නතර
කරන්නට හැකි විය. අනතුරුව තරුණයාට විපතක් වුනේදැයි පරීක්ෂා කරන්නට දුම්රිය මගීන්ද වහා දුම්රියෙන් බැස ගොස් බැලූ නමුත් පුදුමයකට මෙන් තරුණයාට සුළු සීරීම් තුවාල හැරෙන්නට කිසිවක් සිදුවී නැති බව දැකගන්නට ලැබුණා. ඔහු හරිමැද සිටි නිසා දුම්රිය ගොස් ඇත්තේ ඔහුට ඉහළිනි. මේ අවස්ථාවේ පැනගිය තරුණියද පැත්තකටවී හඬමින් සිටියා.
තමන් අවදානමට ලක්කිරීම නිසා දුම්රිය මගීන් මේ දෙදෙනාට බැණ වැදුණ අතර පසුව එම තරුණයා අල්ලාගෙන ඔහුට පහර දෙන්නටද පිරිසක් කටයුතු කළා. මේ අවස්ථාවේ දුම්රියේ ගමන් කළ වැලිගම ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු පිරිස සමථයකට පත්කර අදාළ තරුණයා හා තරුණිය පොලිසියට භාරදෙන්නට කටයුතු කළා. පොලිසියේ අවවාද කිරීම් වලින් පසු දෙදෙනාම රෝහල්ගතවී සීරීම් තුවාලවලට බෙහෙත් ගෙන පිටව ගොස් ඇති බව වාර්තා වනවා.