ඉගිලෙන මාළුවෝ නිසා මම කරදර ගොඩකට මුහුණ දුන්නා

ඉගිලෙන මාළුවෝ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට පණ දුන් සම්පත් ජයවීර සමග කළ සංවාද සටහනක් පහත පළවෙනවා.

ඔබ කලාව තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණේ ඉගිලෙන මාළුවෝ චිත‍්‍රපටය නිසා කිව්වොත්?
ඊට කලින් ඉඳලා සම්පත් ජයවීර කියන්නේ කවුද, මොනාද කළේ
කියන කාරණා හා මගේ දක්ෂතා පේ‍්‍රක්ෂකයන් දන්නවා. ඉගිලෙන මාළුවෝ නිසා මම ජනප‍්‍රිය වුණේ නැහැ. නමුත් කතාබහට ලක්වුණා.

ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාර ගැන දැන් මොකද හිතන්නේ?
ප‍්‍රතිචාර විවිධයි. මේ චිත‍්‍රපටය නිර්මාණයක් විදියට බැලූව අයගේ ප‍්‍රතිචාර හොඳයි. කිසි දෙයක් නොදන්න අය විවිධ මත පළ කළා. ඒ ප‍්‍රතිචාර නිසා ඇත්තටම මම කරදර ගොඩකට මුහුණ දුන්නා. දැන් නම් කතා කරන්න අකැමැති නීරස අත්දැකීමක් ඒක.

නැවතත් ලිංගික දර්ශන සහිත චරිතයක් ලැබුණොත් ඔබ එය භාරගන්නවාද?
රංගන විෂය තුළ මම වාරණ දාගෙන නැහැ. ඒත් මම හිතනවා ඒ වගේ චරිතයක් ලැබුණොත් සැලකිලිමත් වෙන්න  ඕන චරිත තෝරා බේරාගැනීම ගැන. මීට පස්සේ එවැනි චරිත ලැබුණොත් ඒ ගැන හොඳින් හිතලා බලනවා. හොඳයි කියලා හිතුණොත් විතරක් භාරගන්නවා. නැත්නම් ප‍්‍රතික්ෂේප කරනවා.


ඔබ විවාහකයෙක්. ඔබේ බිරිඳ ඔබට දැක්වූ ප‍්‍රතිචාර කොයි වගේද?
එයත් හුඟක් අපහසුතාවට ලක් වුණා. නමුත් මම ඔය චරිතය භාරගන්නකොට ඇය මගේ පෙම්වතියවත් බිරිඳවත් නෙමෙයි. චිත‍්‍රපටය රූගත කරලා කාලයක් ගියාට පස්සේ තමයි මට මගේ බිරිඳව මුණගැහෙන්නේ. චිත‍්‍රපටය නිසා එයා අපහසුතාවකට පත් වුණත් මට දොස් කීවේ නැහැ. එය නිර්මාණයක්, නිර්මාණ දායකත්වයක් කියන එක තේරුම් ගත්තා.

එතකොට ඉගිලෙන මාළුවෝ චිත‍්‍රපටය නිසා ඔබේ පවුල දෙකඩ වුණා කියන කතාව බොරුවක් ද?
ඒක බොරුවක්. මට අද වෙනතුරු අනවශ්‍ය විදියට කටකතාවක් හැදිලා නැහැ. එහෙම කටකතාවක් තිබුණා කියලත් මම ඇහුවමයි. ඔය කටකතාවක් මිසක ඇත්තක් නමෛයි. මගේ පුංචි පවුල තවම සුරක්ෂිතයි.

හර්ෂණී වීරරත්න
ඡායාරූප-ප‍්‍රදීප් දඹරගේ
 

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්