දිල්ලි සත්තු වත්තේ ව්‍යාඝ‍්‍රයකුට ගොදුරුවී මිනිසෙකු මියගිය හැටි

ඉන්දියාවේ දිල්ලි සත්තු වත්තේ සුදු ව්‍යාඝ‍්‍රයෙකුට ගොදුරුවී නරඹන්නෙකු මියයාමේ සිද්ධියක් ඊයේ අ`ගහරුවාදා වාර්තා වුණා.
සත්තු වත්තේ සුදු ව්‍යාඝ‍්‍රයින් රඳවා සිටින ස්ථානය අසළ ආරක්ෂක තාප්පයෙන් ඇතුළට ගිය මෙම පුද්ගලයා ගොදුරට හසුව ඇති අතර නරඹන්නන් ලබාගත් වීඩියෝ මගින් ගොදුර රැගෙන යන හැටි දැක්වෙනවා.
ඊයේ (23*  දහවල් 1.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි වියේ පුද්ගලයෙකි. සිද්ධිය මුලින් වාර්තා වූයේ පාසල් සිසුවෙකු මිය ගිය බව නමුත් පසුව එය වැරදි බව බලධාරීන් හෙළි කළා.
සිද්ධිය ඇසින් දුටුවන් ව්‍යාඝ‍්‍රයාගේ අවධානය වෙනතකට යොමු කර පුද්ගලයා බේරාගන්නට උත්සාහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථකවී ඇත. බඩගින්නේ සිටි ව්‍යාඝ‍්‍රයා එම පුද්ගලයාගේ ගෙළ පෙදෙස සපා කා ඈතට රැගෙන ගොස් ඇති අතර මිනිත්තු 15 කින් පමණ රැකබලාගන්නන් එතැනට එනවිට ඔහු මරණයට පත්ව අවසන්ය.
ව්‍යාඝ‍්‍ර කුටිය වටා ඉදි කර ඇති තාප්පය පහත් එකක්වීම මෙම අවදානම් මරණයට හේතුව බව පැවසුණා.











Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි