මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අධිකරණ අනුමැතිය

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය අද එකඟත්වය පළ කළේ ය.
අධිකරණය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය එලෙස එකඟත්වය පළ කළේ, ඊවා වනසුන්දර, චන්ද්‍රා ඒකනායක යන ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මීට අදාල පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ය.

ඒ අනුව, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් පස් දෙනෙකු විසින් ශේෂ්ඨාධිකරණය හමුවේ පනවා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ඉල්ලා අස්කර ගැනිණි.
එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු නිලධාරින් දස දෙනෙකුට එරෙහිව ය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි