මානව හිමිකම් අධ්‍යක්ෂිකාව අනතුරින් මියගිය හැටි එලිවෙයි

ඉදිරිපසින් වූ බස් රථයක අප ගමන් කළ වෑන් රථය ගැටී තිබුණා. ඉදිරිපස සිටි අධ්‍යක්ෂිකාව සිරවී සිටියා. අසල්වැසි අයකු මාවද ත‍්‍රිරෝද රථයකින් බළන්ගොඩ රෝහලට එව්වා. ඉන්පසුව දැනගන්නට ලැබුණා ඇය මියගියා කියලා. යැයි රිය අනතුරකින් මියගිය මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ හා අධීක්ෂණ සමාලෝචන නිලධාරිනියගේ මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික

රෝහලේ ඊයේ (22* පැවැති අවස්ථාවේ අනතුරට ලක්වූ වෑන් රියේ ගමන්ගත් එම කොමිසමේ පර්යේෂණ නිලධාරී එම්.ඒ. නිහාල් චන්ද්‍රසිරි මහතා එසේ සාක්ෂි දුන්නේය.

මෙම අනතුර සිදුවුණේ බදුල්ල-කොළඹ මාර්ගයේ 136 වැනි කිලෝමීටර් කණුව ආසන්න බළන්ගොඩ ඇල්ලේපොළදීය.
මියගිය ඩබ්ලිව්. තුෂිතා රුවන්කුමාරි සමරසේකර (44* නමැති අවිවාහක කාන්තාවකි.
වැඩිදුරටත් සාක්ෂි දුන් එම්.ඒ. නිහාල් චන්ද්‍රසිරි මහතා.

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු සඳහා මියගිය
ඇයත්, මාත් නිලධාරීන් හතරදෙනකුත් කුලී පදනම මත ගත් වෑන්රියකින් බදුල්ල ප‍්‍රදේශයට ගියා. 21 දින බදුල්ලෙන් පිටත් වී කොළඹ එන විට බෙලිහුල්ඔය ප‍්‍රදේශය පසුකරන විට දහවල් 1.30 පමණ වුණා. වෑන් රථයේ ඉදිරිපස අසුනේ රුවන්කුමාරි සමරසේකර මහත්මිය වාඩිවී සිටියා. මා සහ අනෙක් දෙදෙනා සිටියේ පසුපස. හිටි හැටියේ වාහනය විශාල ගැස්සීමක් ඇතිවී නැවතුණා. ඒ වනවිට මා නින්දේ සිටි නිසා අනතුර සිදුවන ආකාරය දුටුවේ නැහැ.

ඉදිරිපස බස් රථයක අප ගමන් කළ වෑන් රථය ගැටී තිබුණා. අසල්වැසි අය මාව බළන්ගොඩ රෝහලට ත‍්‍රිරෝද රථයකින් එව්වා. පසුව දැනගත්තා ඇය මියගියා කියා. සහායක නිලධාරීන් දෙදෙනාද තුවාල ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය නීති වෛද්‍ය නිලධාරී පී. දයා මාතොටආරච්චි මහත්මිය විසින් සිදුකරන ලදී. සාක්ෂි මෙහෙයවීම බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ගයාන් ප‍්‍රසන්න මහතාගේ මෙහෙයවීම මත පො.සැ. (23898* තෙන්නකෝන් මහතා සිදුකළේය.

මෙය මොළයට සිදුවූ දැඩි හානි හේතුවෙන් සිදුවූ මරණයක් බවට බළන්ගොඩ නාගරික හදිසි මරණ පරීක්ෂක එච්.ඞී. රූබන් පීරිස් මහතා තීරණය කළ අතර වෑන් රථයේ රියැදුරු වන කේ.ජී. චමින්ද ඩයස් නමැති අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කෙරුණි.

සේන එන්. හේවගේ-බළන්ගොඩ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්