උපත් පාලන ලූපය දාන්න ආ කාන්තාව දූෂණය කල වෛද්‍යවරයා
නිකවැරටිය රස්නායකපුර වෛද්‍ය නිල නිවසක උපත් පාලන ලූපයක් දමා ගැනීමට ගිය දෙදරු මවක් එහි වෛද්‍යවරයා විසින් කෙලෙසන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩු විභාගය නිකවැරටිය මහෙස්ත‍්‍රාත් දීප්ති කොඩිතුවක්කු මෙනවිය හමුවේ විභාගයට ගැනිණි.
පසුගිය වසරේ නොවැම්බර් පස්වන දින හෝ ඊට ආසන්න
දිනක උපත් පාලන ලූපයක් දමා ගැනීමට පැමිණි දෙදරු මවක් කෙලසූ බව කියන රස්නායකපුර ග‍්‍රාමීය රෝහලේ වෛද්‍ය ප‍්‍රධානි මංජුල ශ‍්‍රී තුෂාර නමැති අය මෙම නඩුවේ චෝදනාවට ලක් වී ඇත. අධිකරණය හමුවේ නඩුව විභාගයට ගත් කළ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සුමිත් කුමාර රත්නායක සාක්ෂි දෙමින් පවසා සිටියේ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිට දෙදහස් දොළහ වසරේ නොවැම්බර් පහ හෝ ඊට ආසන්න දිනයක කෙලසීමකට ලක් වූ බව කියන දෙදරු මවගේ ස්වාමිපුරුෂයා වන උපාලි හේරත් යන අයකු දුරකතනයෙන් කතාකර තම
බිරිඳට උපත් පාලන ලූපයක් දමා ගැනීමට රස්නායකපුර ග‍්‍රාමීය රෝහලේ නිල නිවසේ සිටින වෛද්‍යවරයකු ව සිටින මංජුල ශ‍්‍රී තුෂාර වෙත ගිය බවත් එහිදී ලූපය දැමීමට පෙර තම බිරිඳ වෛද්‍යවරයා විසින් කෙලසීමක් දුටුවාදැයි විමසූ බවත්ය.
ඒ අනුව තමන් පිළිතුරු දෙමින් උපත් පාලන ලූප් දැමීමේදී කිසි විටකදී කෙලසීම සිදු නොවන බවත් එබැවින් රස්නායකපුර පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් කරන ලෙසද තමන් දැන් වූ බවද පැවසීය. රෝහලේ නිල නිවසේදී දෙදරු මව දූෂණය කිරීමෙන් පසු ඇය නිකවැරටිය මූලික රෝහලටත් පසුව කුරුණෑගල මූලික රෝහලටත් අධිකරණ වෛද්‍යවරයා වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති බවත්ය. සාක්ෂි විභාගය යළි ඔක්තෝබර් පළමු දිනට කල් දැමූ අතර නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අතුල අබේරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර රස්නායකපුර පොලිස් ස්ථානාධිපති තිලක් සූරසිංහ මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.
සමන් කුමාර - නිකවැරටිය