ගෝඨා දේශපාලනයට සුදුසු බව මුසා කියලා

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශය බාරගෙන දේශපාලනයට පැමිණීමට සුදුසුකම් හදාගෙන ඇති බවත් දැන් ඔහු දේශපාලනයට සුදුසු බවත් කොළඹ නගරාධිපති ඒ.ෙ–.එම්. මුසම්මිල් මහතා පැවසීය.

කොළඹ අගනගර ආශ‍්‍රිත ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය උපයෝගිතා වාහන හා යන්ත්‍රෝපකරණ තොගයක් කොළඹ මහ නගර සභාවට ප‍්‍රදානය කිරීමේ උලෙළ අමතමින් හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
‘පේ‍්‍රමදාස මහත්තයා අගමැති වෙන්න කලින් ඉල්ලූවේ නාගරික සංවර්ධන අධිකාරියත්, නිවාස අමාත්‍යාංශයත්. එතැනින් තමයි ජනතාවට සමීප වෙන්න පුළුවන්. ගෝඨාභය මහත්මයාත් දේශපාලනයට එන්න කලින් නාගරික සංවර්ධන අමාත්‍යාංශය භාරගත්තෙ දේශපාලනයට කලින් සුදුසුකම් හදාගන්නයි. දැන් ඔහු දේශපාලනයටත් සුදුසුයි කියලා මම හිතනවා‘ යනුවෙන් පැවසීය.

ඡයාරූපය -ශමීර රාජපක්ෂ

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි