ගුවන් යානයේ අමතක කර යන දේ අයිතිකරු සොයාගොස් භාරදෙන බල්ලා

නෙදර්ලන්තයේ කේ.එල්.එම් ගුවන් සේවාව මගීන් වෙත ලබා දෙන අලූත්ම පහසුකමක් පසුගියදා හඳුන්වා දුන්නා. ඒ කිසියම් ගමනාන්තයකදී ගුවන් යානයෙන් බැසයන මගීන් අමතක කර යන
වටිනා දේ මිනිත්තු

කිහිපයක් ඇතුලත අයිතිකරු සොයා ලබා දෙන සේවයකි. මේ සඳහා බඳවාගෙන ඇත්තේ පුහුණු කළ සුනඛයින්ය.
යානයේ අමතක කර යන ජංගම දුරකථන හෑන්ඞ් බෑග්, කණ්නාඩි,ඔරලෝසු ආදී විවිධ වටිනා දේ ගුවන් සේවිකාවන්ගේ පරීක්ෂාවෙන් හඳුනාගෙන ඒවාට ඉව අල්ලා දීමෙන් පසු මෙම සුනඛයින් සිය පිටේ බැඳ තිබෙන මල්ලේ ඒවා දමාගෙන ගුවන් තොටු පළේ අයිතිකරු තවමත් රැඳී ඇතිනම් අයිතිකරු අසළටම ගෙන ගොස් එය පිරිනමන්නට පුහුණු කර ඇත.
මෙම සේවාව හඳුන්වා දෙන අලංකාර වීඩිොය් පටය පහතින්