ජනපති ඇමරිකාවට පිටත්වෙයි

එක්සත් ජාතින්ගේ 69 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21* නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය.
එළඹෙන 24 දා මෙම සමුළුව ආරම්භ වීමට නියමිත අතර මේ මස 25 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව ඇමැතීමට නියමිතය.
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වන අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමඟ ද්වීපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා කරන අතර ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදනකු ඊට අයත්වන බව වාර්තාවෙයි.
ජනාධිපතිවරයා සමඟ මේ සංචාරය සඳහා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වෙති.