මවක හා දරුවා පැහැරගන්න ගිහින් බේරිලා හිටපු පළාත් මන්ත‍්‍රී පුතෙක් වාහනේ
විවාහක කාන්තාවක් හා ඇයගේ අවුරුදු තුනහමාරක් වයසැති දරුවා මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් බලහත්කාරයෙන් රැගෙන පලායමින් සිටියදී පොලිස් ඇසට යොමුවී ඔවුන් ලූහුබැඳගොස් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ සිද්ධියක් පොල්පිතිගමෙන් වාර්තා වනවා.
සිද්ධියට සම්බන්ධ බවට සැකපිට වයඹ පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකුගේ පුතකු හා තවත් අයකු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා.
පොල්පිතිගම, ගාලේවැව පදිංචි නදීකා නිල්මිණි (අවු. 30* ඇයගේ එකම පුතා වන දම්සර දෙනුවන් නමැති සමග ඊයේ (21* උදේ පෙරවරු 11.45 ට පමණ ඇයගේ සැමියාගේ විදුලි කාර්මික වැඩපොළ වෙත පා ගමනින් යන අවස්ථාවේදි
ගල්ටැංවැව නිවෙස් නොමැති වෙල් යායක් සහිත ප‍්‍රදේශයකදී මෙම පැහැර ගැනීමට ලක්ව ඇත.
පොල්පිතිගම පොලිසියට ඒ පිළිබඳ ලද තොරතුරු මත ඒ පසුපස ලූහුබැඳ යන අවස්ථාවේදී පොලිසියෙන් බේරීම සඳහා අතුරු මාවතක එම දෙදෙනාම දමා මෝටර් රථයෙන් ඔවුන් පලාගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වේ. පොල්පිතිගම දිසා රෝහලේ ප‍්‍රතිකාර හා වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇතුළත් කර සිටින පැහැර ගැනීමට ලක් වූ නදීකා කුමාරි මෙසේ පැවසුවාය.
මගේ මහත්තයා, තුසිත කුමාර ඔහු ගල්ටැංවැව ප‍්‍රදේශයේ විදුලි කාර්මික වැඩපළක් දාගෙන ඉන්නවා. ඔහු ඉන්න තැනට ගෙදර ඉඳලා කිලෝමීටර් එකක් පමණ තිබෙනවා. එතැනට යන විටදී පාලූ ප‍්‍රදේශයකදී එක පාරටම මෝටර් රථයක් නතර කරලා අපි දෙන්නා ඇදලා ඒක ඇතුළට දා ගත්තා. එහි තිදෙනෙක් හිටියා. එක් අයකු මා හඳුනනවා. ඔහු වයඹ පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකුගේ පුතෙක්.
අනිත් දෙදෙනා මම අඳුනන්නේ නැහැ. ඔවුන්ගේ එක් අයෙකු මගේ පුතා උදුරා ගත්තා. අනෙක් පුද්ගලයා මගේ පපුවට පිහියක් දික් කරගෙන කෑ ගහන්න එපා කිව්වා. ඒත් මං බියට කෑ ගැසුවා. ඒ අතරෙදි මෝටර් රථය මගදි නතර කරලා අංක තහඩු මාරු කළා. එහිදී මම බිමට දොර ඇරගෙන පැන්නා. ඔවුන් නැවත මාව අල්ලාගෙන රථය තුළට දැම්මා. ඒක එතැන හිටිය ත‍්‍රීවීල් අය දැකලා ඒ පසුපස පැන්නුවා.
පොලිසියද ලූහුබඳින බව ඔවුන් දැන ගත්තා. පසුව අතුරු මාවතකට මෝටර් රථය ගිහිල්ලා මග නතර කොට පොලිසියට කියන්න එපා කියලා අපිව දාලා ගියා.
පසුව මං ළඟ ගෙදරකට පුතා සමග යනාවත් සමගම පොල්පිතිගම පොලිස් ජීප් රථයද එතැනට ආවා. ඒ ප‍්‍රදේශය වැල්ලව කැකුලාවල ප‍්‍රදේශය බව මං පසුව දැන ගත්තා. මෝටර් රථයෙන් පනින විට දණිස් දෙකම බිම වැදිලා තුවාල වුණා. ඔවුන් අපි දෙදෙනාට වෙනත් කරදරයක් කළේ නැහැ.
ඔවුන් පළා යාමේදී මෝටර් රථයේ බවට සැක කරන කේ. ඞී. 8966 අංක තහඩුව වැටී තිබි පොල්පිතිගම පොලිස් භාරයට ගෙන ඇති බවත් පලා ගිය මෝටර් රථය හා පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු වීරඹුගෙදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර රථය පොලිස් භාරයට ගෙන පරික්ෂණ අරඹන බවත් පොල්පිතිගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් අය අතරේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයාගේ පුතාද සිටින බව පොලිසිය කියයි.
විස්තර - සිදත් කැලේගම - පොල්පිතිගම / සුනිල් එස් පැල්ලන්දෙනිය