පහේ ශිෂ්‍යත්ව 1-2-3 ඇඹිලිපිටිය පොලොන්නරුව හා තංගල්ලට

පසුගිය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇත. එයට අනුව ලකුණු 199ක් ලබා ශ‍්‍රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්.ඒ.වේනුජ නිම්සත් සමත්ව සිටියි.
ලකුණු 198 ක් ලබා  පෙළොන්නරුව රාජකීය විද්‍යාලයේ මාලක නෙත්මාල් තිලකරත්න සිසුවා දෙවැනි ස්ථානයද ලබා ඇත. තුන්වැනි තැන තංගල්ලේ සිසුවකුට හිමිව ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.