මුදල් වංචාව ඔප්පුවෙයි ජයලලිතා සිරගෙට මහ ඇමතිනි පදවියෙනුත් ඉවතට
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCxaeBEonMeZVdbaVylkbDOnR6uKh5w07g6lW9fDXUJH-Hr-jXHzWcKOwVLfhe7qiijJVFdt3SB0yUBgCeAFBt03xt6JH6OxOA-klus_muA8fy86vee3qq1qqgO_J8tR2GMcS1pVLtuzOE/s1600/Jayalalithar.jpg)
තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය අධිකරණයක් මගින් වසර 4 ක සිර දඬුවමකට අද ලක්කළා. ඒ මුදල් වංචා චෝදනාවකට වරදකාරිනියවීමෙනි.
ලංකාාවට එරෙහි නොයෙකුත් කෙනෙහෙළිකම් කරමින් සිටි ඇය මෙම විපාකයට ලක්වූයේ
1991-96 කාලයේ ඇය පළමුවරට මහ ඇමතිනිය හැටියට වැඩ කළ සමයේ ඉන්දීය රුපියල් කෝටි 66.65 ක මුදල් වංචාවන් කළ නිසාය.
එම නඩුව ඇයට 1997 වසරේ එරට අල්ලස් කොමිසම පවරා තිබුණ අතර අවුරුදු 17 ක් තිස්සේ විභාගවීමෙන් අනතුරුව
එහි තීන්දුව ප‍්‍රකාශයට පත්වූයේ අදයි.
ඉන්දීය සිනමාවේ මෙන්ම දේශපාලනයේද ප‍්‍රකට තාරකාවක් වන තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් මේ අනුව වසර හතරක සිර දඬුවමකට යටත් කෙරුණ අතර ඊට අතිරේකව ඉන්දියානු රුපියල් කෝටි සීයයක
දඩයක්ද ගෙවන්නට සිදුවුණා.
එම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද්දේ බැංගලෝර් නගරයේ විශේෂ අධිකරණයක් මගිනි.
හෙළි නොකරන ලද ක‍්‍රියාමාර්ග වලින් ඇමෙරිකානු ඩොලර් කෝටියක පමණ මුදල් සම්භාරයක් උපයා ගැනීම වරද ලෙස ප‍්‍රකාශයට පත්වුණා.
මේ නඩු තීන්දුවත් සමඟ ජයලලිතාට මහ ඇමති පදවියෙන් ඉවත් වීමට සිදු වනු ඇත.
නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසු ඇය සමඟ උසාවි භූමියේ රැස් වී සිටි ආධාරකරුවන් හඬා වැළපෙමින් විලාප නගා ඇත.
ජයලලිතාගේ ආධාරකරුවන් සහ ප‍්‍රතිවාදී දේශපාලන පක්ෂ වල ආධාර කරුවන් අතර ගැටුම්කාරී තත්වයක්ද පසුව ඇතිවී තිබෙනවා.
ඉන්දීය දේශපාලන වාර්තා සඳහන් කරන්නේ ජයලලිතාගේ ඉවත්වීමෙන් පසු මහඇමති පදවියට සුදුස්සෙකු තේරීම දුෂ්කර කටයුත්තක් වනු ඇති බවත් තමිල්නාඩුව දේහපාලන අවුලකට පත්වනු ඇති බවත්ය.