රෙබෙකාගේ දියණිය ඈන් ගීත ගායනයට

පසුගිය අගෝස්තු 13 වැනිදා දිවියෙන් සමුගත් රෙබෙකා නිර්මලී ටෙලි ශිල්පිණියගේ දියණිය ඈන් පසුගිය සති අන්තයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටි අදහස් පහත පරිදිය.
”කොතැනින්ද කතාබහ පටන් ගන්නේ. මම තාම ඉන්නේ කතා කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි. අම්මා මියගියා කියලා තවමත් මට හිතා ගන්න අමාරුයි.....මට මතක හැටියට මට අවුරුදු 4 දී විතර
තමයි මම ”වෙද හාමිනේ” ටෙලි නාට්‍යය
නැරඹුවේ. හැබැයි ”වෙද හාමිනේ” රූගත කරද්දී මම ඉපදිලා නැහැ.  සම්පූර්ණ ටෙලි නාට්‍යය මතක තියාගන්න පුළුවන් වයසක මම ඒ වෙද්දි හිටියේ නැහැ. හැබැයි අම්මා ”දූවිල්ලෙන් සැදුණු ලියේ” ගීතය ගායනා කරමින් රඟපෑ ජවනිකාව නම් මට හැමදාම මතකයි.....”

මම චූටි කාලේ ජයන්ත අංකල්ගේ (ජයන්ත චන්ද්‍රසිරි* වාර්තා වැඩසටහනක රඟපෑවා. ඒ වගේ තවත් වාර්තා වැඩසටහන් කීපයකත් රිදී සීනුව කියන ටෙලි නාට්‍යයේත් රඟපෑවා. අම්මා කැමතිවුණා මම නිළියක් විදියට ඉදිරියට යනවට. ඒත් මට ඒ ගැන වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. මම ආශා කළේ සංගීතයට. චූටිම කාලේ නන්දා මාලනි මිස් යටතේ සංගීතය හදාරලා. ඉන්පසුව මම කේමදාස මාස්ටර් යටතේ වැඩිදුර සංගීතය හැදෑරුවා. ඒත් අධ්‍යාපනය නිමා කරලා මම පෞද්ගලික ආයතනයක රැකියාවකට යොමුවුණ හිංදා සංගීතය වැඩිදියුණු කරගත්තේ නැහැ....
අම්මාගේ අසනීප තත්ත්වය මම දැනගෙන හිටියා.

හැබැයි ඒ ගැන අම්මා මට කියල තිබුණේ මේ තරම් බරපතළ මට්ටමකින් නෙමෙයි. මුල්ම ඔපරේෂන් එක කරද්දිත් අම්මා කිව්වේ බඬේ ගෙඩියක් අයින් කළා කියලා.

අන්තිමට අම්මා මහරගම පිළිකා රෝහලට ඇතුළත් කළා. අම්මාගේ රෝගයේ සැබෑ තත්ත්වය මම හරියටම දැනගත්තේ  මෑතකදී. හැබැයි ඒ වෙලාවේ ඇතිවුණ හැඟීම නම් මගෙන් අහන්න එපා. මොකද ඒක විස්තර කරන්න වචන මට නැහැ. මගේ නැන්දා කැමී (ඈන්ගේ පියාගේ නැගණිය* ඒ වෙලාවේ  මට ලොකු ශක්තියක් වුණා.

ඇය අපේ අම්මාට නෑනා කෙනෙක් නෙමෙයි. නංගි කෙනෙක්. ඉස්සර ඉඳන් කැමී සහ අම්මා අතර ලොකු බැඳීමක් තිබුණා. කැමී හැමදාම අම්මයි මමයි ගැන සොයා බැලූවා. රෝහල්ගත කළාට පස්සේ මම අම්මා බලන්න ගියා. අම්මගේ ඇඳට එහා ඇඳේ හිටියේ මුස්ලිම් කාන්තාවක්. ඇගේ දියණිය මගෙ වයසෙ. ඒ මුස්ලිම් කාන්තාව මිය ගිය වේලාවේ ඒ ගෑණු ළමයා මහ හයියෙන් කෑගහලා අඬද්දි අම්මා ඒ ගෑනු ළමයව ළඟට කතා කරලා ඒ ළමයගෙ හිත හැදුවාලූ.

මගේ දුවත් ඔයාගේ වයසේ. ඔයාගේ අම්මා ගියා. මම ගියොත් මගෙ දුවටත් ඔය වේදනාව දැනෙයි.” කියලා අම්මා ඒ වෙලාවේ ඒ ළමයට කිව්වලූ. මට අම්මව අන්තිමට මුණ ගැහුණේ මියගියදාට කලින් දවසේ. එදා මම හොස්පිටල් යද්දි අම්මා තදබල නිදි මතකින් හිටියේ. මගේ අත අල්ලා ගත්තා. ඊට පස්සේ එහෙමම නින්ද ගියා. පසුවදා  පාන්දර අම්මා මියගියා. මම යද්දි අම්මා ජීවිතයෙන් සමු අරගෙන.
අම්මාට ගොඩක් අය උදව් කළා. බෝධි පූජා තිබුණා. තනි රකින්න ළඟ හිටියා. ඒ අය නම් වශයෙන් සඳහන්   කළොත් මම මේ ඉන්න මානසික මට්ටම අනුව එක නමක්වත් අතපසු වන්න පුළුවන්. අම්මගෙ අභාවයට පැමිණි සෙනග දැක්කම මට පුදුම හිතුණා. අම්මට නිළියක් විදියට මේ රටේ තියෙන පිළිගැනීම මම දැක්කා.
”වෙද හාමිනේ” සහ අම්මා අන්තිමට රඟපෑ චිත‍්‍රපටය ”මහරජ ගැමුණු”අධ්‍යක්ෂණය කළ ජයන්ත  අංකල් ඇතුළු මුලින් කී සියලූ දෙනාටම මම මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා...

”කලාව තුළ ඉදිරියට යාමේ අදහසක් මට නෑ. ඒත් අම්මා වෙනුවෙන් යම් නිර්මාණයකට කවුරු හෝ  කතා කළොත් මම යනවා. ඒ වගේම ප‍්‍රදීපා ඇන්ටිගේ (ප‍්‍රදීපා ධර්මදාස* අවසරය ඇතුව අම්මට උපහාරයක් විදියට ”දූවිල්ලෙන් සැදුණු ලියේ” ගීතය ගයන්න මම හිතාගෙන ඉන්නවා...’

සටහන - අරියවංශ කුලතිලක

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්