රත්මලානෙ ෆැක්ටරියක වැඩකරන වාරියපොළ තිලිනි අමල්කා අත්අඩංගුවට
වාරියපොළ බස්නැවතුමේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තිලිණි අමල්කා අද දහවල් වාරියපොළ පොලිසියේදී අත්අඩංගුවට පත්වුණා.
වාරියපොළ පොලීසියට ගොස් අද (27) ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දන්වා තිබුනේ සිද්ධියට අදාළ තරුණයා ඇගෙන් පහරකෑමට ලක්වීමෙන් පසු රෝහල්ගතවී කර්ණ ආබාධයකට ලක්වූ බවට වෛද්‍යවාර්තා ලැබීමෙන් පසුවයි.
රත්මලාන ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන ඇය සති අන්තයක වාරියපොළ ප‍්‍රදේශයේ ඇගේ නිවසට ගොස් නැවත
රත්මලානට එන්නට යෙහෙළියක හා එමින් සිටියදී වාරියපොළ බස් නැවතුම්පළේ කාන්තා වැසිකිලිය අසළදී තරුණයෙකුගේ උසුළු විසුළු වලට භාජනය වීමෙන් පසු එයට ප‍්‍රතිචාර ලෙස ඇය විසින් ඔහුට බැණවැදී පහරදී තිබුණා.
මෙම පහරකෑම සුළු සිද්ධියක් වුවත් එය වීඩියෝ කර අන්තර්ජාලයේ පැතිරීයාමෙන් පසු සිද්ධියට සම්බන්ධ මහජන කැළඹීම් ඇතිවීමෙන් තරුණයාගේ පවුල කඩාඉහිරී ගිය අතර තරුණියට හා තරුණයාට සමාජයේ අපවාද එල්ල වුණා.
තරුණයා රෝහල්ගතවීමෙන් පසු කර්ණ ආබාධය හ\ුනාගැනීම නිසා මේ සම්බන්ධ ක‍්‍රියාකාරීමට ප‍්‍රමාණවත් සාක්ෂි පොලිසියට ලැබුණා.
තරුණයාගේ පැමිණිල්ල විභාග කරන්නට වාර්යපොළ පොලිසියට එන්නැයි ගල්කිස්ස පොලීසියෙන් තරුණියට දැනුම්දීමක් කර ඇත්තේ ඇය රත්මලානේ ෆැක්ටරිය අසළ නවාතැන්ගෙන සිටි නිසාය.
ගල්කිස්ස පොලීසියෙන් මේ බව ඊයේ දැනුම්දීමෙන් පසු ඇය අද නීතීඥයෙකු සමග වාරියපොළ පොලිසියට ගිය අවස්ථාවේ පොලිසිය ඇයගේ ප‍්‍රකාශ සටහන් කර සිද්ධිය අධිකරණයට යොමු කරන බව පවසා ඇයව පොලිස් අත්අඩංගුවට පත් කළා.
මේ අතර ප‍්‍රහාරයට ලක්වූ ් ‘සෙල්වා‘ කමැති තරුණයා තමාගේ වම් කනේ ආබාධයක් ඇතැයි පවසමින් පෙරේදා වාරියපොළ රෝහලට ඇතුළත්ව සිටි අතර අනතුරුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි ද වාර්තා වුණා.
තරුණියගේ අයිතිවාසිකම් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානද ක‍්‍රියාකාරීවී ඇතැයි වාර්තා වනවා. වාරියපොළ බස්නැවතුමේදී වූ සිද්ධිය ගැන ඇය වෙනම ප‍්‍රකාශයක් පොලිස්පති සහන
මැදිරියට ද ඊයේ යොමු කර තිබුණා.
මේ සම්බන්ධව තරුණිය මාධ්‍ය වෙත මුලින්ම කියා සිටි අදහස වූයේ
‘එතන වුණ සිද්ධිය එතන හිටපු අය දන්නවා.මම ඊයේ බැලූවා නෙට් එක.මහා කැත විදියට දාලා තියෙනවා.පිරිමි ළමයි ගොඩක් තරහයි ඒ වුන සීන් එකට. සිද්ධියේ භාගයයි වීඩියෝවෙ තියෙන්නෙ. එයාල හරියට මොනවද වුනේ කියල දන්නේ නැහැ.කොල්ලෝ ගොඩාක් මාත් එක්ක තරහයි.
එහෙම කියල මට අතක් තියන්නනම් කවුරුත් ඇවිල්ල නැහැ.මොකද නීතිය තදයි.පොලිසි යන්න කියල කිව්වේ. මම ඒ පිරිමි ළමය ගැන හිතල අතඇරලා ආවේ. මම කලම්බු එන්න ආවේ.වීඩියෝ එක බලන හැමෝටම ඒ පිරිමි ළමයා මොන වගේ කෙනෙක්ද කියලා
පේනවා ඇති.ගොඩක් මත්වෙන මත්ද්‍රව්‍යයක් අරගෙන කෙලින් හිටගෙන ඉන්න බැරි තරමට මත් වෙලා හිටපු කෙනෙක් එයා.මට ඒවගේ දෙයක් කරන්න පුළුවන් මගේ ආරක්ෂාව සම්බන්ධයෙන්.’
තරුණිය දැන් පොලිස් භාරයේ සිටින අතර හෙට මේ සම්බන්ධ ඉදිරි අධිකරණ ක‍්‍රියාමාර්ග සිදුවනු ඇත.