රසායනික වලින් තොර පිරිසිඳු කාරක ලංකාවට හඳුන්වාදෙයි

පරිසර හිතකාමී ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් තැනූ කෘත‍්‍රීම රසායනික වලින් තොර පිරිසිඳු කාරක පෙළක් ලංකාවට හඳුන්වාදීමේ උත්සවය අද(20* උදෑසන වැල්ලවත්ත ඔසෝ හෝටලයේදී සිදුවුණා.
පියෝ ලයිෆ් සොලූෂන්ස් ආයතනයෙන් ලංකාවට හඳුන්වාදෙන රෙදිසෝදන ද්‍රව්‍ය ,ළදරු පිරිසිඳුකාරක,
අත්සෝදන ද්‍රව්‍ය, පළතුරු හා එළවළු පිරිසිඳු කාරක
ඇතුළු නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හ\ුන්වාදෙමින් එම ආයතනයේ ප‍්‍රධාන විධායක රිෆ්කාන් සිද්ධික් මහතා කියා සිටියේ ලංකාවේ අනාගතයේ රසායනික විෂ වලින් තොරව ගේදොර සියලූ දෑ පිරිසිඳු කිරීමට මෙම නිෂ්පාදන යොදාගත හැකි බවත් එය ලෝකයේ දියුණු රටවලද භාවිතා කරන බවත්ය.පවුලේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරමින් එදිනෙදා පැවැත්ම යහපත්ව ගෙන යන්නට පිරිසිඳු කිරීම සඳහා විෂ රසායන වෙනුවට පාම් තෙල්, පොල් තෙල්, ඉරි`ගු ආදී ස්වාභාවික ද්‍රව්‍ය පදනම් කර නිපදවන දියර මිශ‍්‍රණයක් මොවුන් ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරියේදී ප‍්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් හා ෆාමසි වෙත මෙම ‘ඉකෝ ක්ලීන්’නිෂ්පාදන බෙදාහරින්නට නියමිතය.
මෙම අවස්ථාවට ප‍්‍රධාන අමුත්තා ලෙස පරිසර ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතාද එක්වුණා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්