බුදු දහම වැලඳගත් හින්දු භක්තික දියණිය


දශක තුනක් තිස්සේ භීෂණයෙන් රටම වෙලාගත් ත‍්‍රස්තවාදය අවසන් කර වසර කිහිපයක් ගතවෙමින් නැවතත් ජාතීන් අතර සාමය සංහිඳියාව ඇතිකරන මොහොතක සිංහලයාත්, බෞද්ධාගමත් හදවතට තුරුලූ කරගත් ද්‍රවිඩ දියණියක් හා දොඩමලූවන්නට අපට අවස්ථාව ලැබිණි.


ගාල්ල දෙවට ප‍්‍රදේශයේ ජීවත්වන ඇය 16 හැවිරිදි එස්. ඉමේෂා විරාජනී ගයත‍්‍රී දියණියයි. පියා රාසයියා සුබ‍්‍රමනියම් මහතාය. ඔහු ගාල්ලේ රන් ආභරණ වෙළෙඳසල් හිමියෙක් වන අතර මවද ද්‍රවිඩ ජාතික කාන්තාවකි. සියලූ දෙනාම උපතින්ම හින්දු භක්තිකයෝ වෙති.
දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අතින් සම්මාන ලබමින්.....
ඉමේෂා ඉගෙනුම ලබන්නේ ගාල්ල ශ‍්‍රී හෘදය කන්‍යාරාමය බාලිකා මහා විද්‍යාලයේ 11 වසරයි. හින්දු ආගම ඇදහුවත් ඇය මේ වන විට බෞද්ධ දැරියක බවට පත්ව ඇත. බෞද්ධාගමේ සියලූ ගාථා ධර්මයන්, පිරිත් සූත‍්‍රයන් සියල්ල කටපාඩමින් කීමටත්, බෞද්ධ ආචාර සමාචාර විධි හා ඇදහීම් ඉතාමත් හොඳින් ප‍්‍රගුණකර ඇත. බෞද්ධයකුට වඩා හොඳින් ගාථා ධර්මයන් නිවැරදිව උච්චාරණය කිරීමේ භාෂා ලූණය ඇයට ඇත.
හින්දු භක්තික ඇය දහම් අධ්‍යාපනය ලබන්නේ ගාල්ල, මාගාල්ල දේවාතුර ශ‍්‍රී සුදර්මාරාම පුරාණ විහාරස්ථානයේ ශ‍්‍රී සංඝානන්ද දහම් පාසලෙනි. ඇය මේ වන විට බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව ලබා ඇති විශිෂ්ටතා මෙසේය.
2007, 2008 වර්ෂවල දහම් පාසල් ශේණි විභාගයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ස්ථානයත් 2008-2009,2010,2011,2012,2013 වර්ෂවල බුද්ධ සාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් පවත්වන ලද සමස්ත ලංකා දහම් පාසල් ශේණි විභාගවලින් දිවයිනේ ප‍්‍රථම ස්ථානයත් 2012 සමස්ත ලංකා දහම් පාසල් අතර දැනුම මිනුම තරගාවලියෙන් ප‍්‍රථම ස්ථානයත්, 2008 ගාල්ල තරුණ බෞද්ධ සමිතියේ මෙහෙයවීමෙන් ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ලද 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ප‍්‍රථම ස්ථානයත් 2009-2010 වර්ෂවල දහම් පාසල් ශේණි විභාගවලින් ප‍්‍රථම ස්ථානයත් ලබා ඇය පාසල් අධ්‍යාපනයේදී සිංහල භාෂාවටත් බුද්ධ ධර්මයටත්, ඉතිහාසයටත් පන්තියේ ඉහළම ලකුණු ලබා ගන්න ශිෂ්‍යාව බවට පත්ව සිටී. ඇයගේ විශේෂත්වය වන්නේ සිංහල බෞද්ධ දරුවෙකුට වඩා සිංහල භාෂාව හා බුද්ධ ධර්මය පිළිබඳ ඉහළ තලයක සිටීමයි. මෙම හේතුව නිසා ශ‍්‍රී හෘදය කන්‍යාරාමයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් අනෙකුත් දැරියන්ගේත් ගෞරවාදරයට ඇය පාත‍්‍රවී ඇත.

නාකියාදෙණිය - ඞී. වී. වික්ටර් ජයසුන්දර

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්