මර්වින් සිල්වා අයිස් බකට් එකින් මල්ෂාව නාවලා

පසුගියදා ඒ එල් එස් අයිස් බකට් අභියෝගයට එක්වූ පළාත්සභා මන්ත‍්‍රීනි මල්ෂා කුමාරතුංග නාන්නට පෙර නම් කරන තුන්දෙනාගෙන එක් අයෙකු ලෙස මර්වින් සිල්වා ඇමති තුමා නම් කළ අතර පසුව ‘මට හොඳටම විශ්වාසයි මර්වින් සිල්වා ඇමතිතුමා මේක කරන බව’ යනුවෙන්ද ප‍්‍රකාශ කළා.

නමුත් පැය 24 ක් ගතව ගියත් තරග නීති අනුව මර්වින් නෑවේ නැත.
අද ඇමතිවරයාගේ මාධ්‍ය අංශය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකින් කියා සිටින්නේ ලංකාවේ පිපාසිතයින් ගැන සිතා ඇමතිතුමා මෙම අභියෝගය ප‍්‍රතික්ෂේප කරන බවයි.
එම නිවේදනය පහත පරිදිය.
”යෝ ගිලාංනාඋපට්ඨති - යෝමංඋපට්ඨති’’යන බුද්ධ වචනයට අනුව යමින්  ගිලනුන් ට උපස්ථානයකිරිම තමන් ට උපස්ථාන කිරිමට සමාන බව තථාගයන් වහන්සේ දේශනාකර ඇත.
ඇමෙරිකානු ඡාතිකගෝල්ෆ් ක‍්‍රීඩකයෙකු ස්නායු ආබාධයෙන් පෙලෙන රෝගින් වෙනුවෙන් ආධාර මුදලක් ආරම්භ කිරිම අයිස් බකට් චැලේන්ජ් විනෝදාත්මක ක‍්‍රිඩාවක් මගින් මුදල් ලබා ගැනිමට ඡුලිමස 15 වන දිනකටයුතු කර ඇත. මෙය දම්වැලක් ආකාරයට එක්අයෙකු තිදෙනෙකු සම්බන්ධකර ගන්නා බවක්පෙනේ. ඒ අනුව බස්නාහිර පලාත් සභා මන්ත‍්‍රීනී මල්ෂා කුමාරණතුංග මෙනෙවිය ද මාගේ නමද ඊට සම්බන්ධකරගැනිම පිළිබදව මාගේ ස්තුතිය පුදකරන අතර මේ දිනවල පවත්නා අධික උෂ්ණත්වය මෙන්ම පෑවිල්ල හේතු කොට අපගේ සහෝදර විශාල පිරිසකට පානිය ඡලය නොමැතිව විදින දුක්කන්දරාව ඉමහත්ය.

ඔවුනට පානිය ඡල බෝතල් ලබාදිමට මාවිසින් යම්කිසි ප‍්‍රමාණයකට කටයුතු කල අතර තමන්ට හැකිපමණින් ඊට දායකත්වය ලබාදෙන මෙන් මා සියලුදෙනාටම ඇරයුම් කරන්නෙමි.
රන්රිදි මුතු මැණික් කොතෙක් තිබුණ ද සා පිපාසෙයන් පෙළෙන අයෙකුට ඡලය තරම් වටිනා උතුම් සම්පතක් තවත් නැත. උපතේ සිට විපත දක්වා ඡලය අවශ්‍යය.
උපන්දරුවා”ඡෝඡෝ’’කියාඉල්ලන්නෙ ද මියයනවිට අන්තිම හුස්ම හෙලන්න පලමුව මුව විවරකරනුයේද වතුර ටිකක්ඉල්ලීමටය.
මේ නිසා මිල කල නොහැකිඡලය තරම් වටිනා සම්පතක්නැත. පානිය ඡල ප‍්‍රශ්නය විසදුන පසු අභියෝගය යම්කෙනෙකු භාර ගත්ත ද මෙහිදි ඡලය අයිස්කිරිමට අවශ්‍ය වන්නාවූ විදුලිය පිළිබදවද සිතාබැලිම වැදගත්වේ. විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරනකාලයක වෙසෙන අප ඒ පිළිබදව ද වැඩිබරක් තැබීම හොදය මේනිසා යහපත්චේතනාවකින්යුතුව අපගේරටේ ආර්ථිකයට හානිදායක නොවන සංස්කෘතිය ආරක්ෂාව වන විනෝදාත්මක ක‍්‍රිඩාවක්මගින් අසරණරෝගින් වෙනුවෙන් මුදල් එක්කාසු කිරිම හොදය.
ඉන්යහපත් ප‍්‍රතිඵලයක් ලබා ගත හැකිඅතර ඊට දායකවුවන්ට ද අහිංසක සතුටක් ලැබිය හැකි බව මම විශ්වාස කරමි.

මල්ෂා අයිස් බකට් අභියෝගය මර්වින් ඇමතිවරයාට එල්ල කළ හැටි පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්