කෙට්ගේ දෙවැනි දරු උපත ගැන ආරංචි

බි‍්‍රතාන්‍යයේ රජ පවුලේ ගැන විවිධ ආරංචි පසුගිය කාලේ පැතිරුණා. සමහර ඒවා බොරු සමහර ඒවා ඇත්ත. කේට් කුමරිය දෙවැනි වතාවට ගැබ්ගෙන කියන ආරංචිය මුලදි හිතුවෙ බොරුවක් බවටයි.
නමුත් පසුගිය මස නිව් ඬේ නමැති  ඕස්ටේ‍්‍රලියානු
සඟරාව කේට් කුමරියගේ පැරණි මිතුරියක වන ජෙසිකා හෙයි සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් තහවුරු කර කියා සිටියේ ඇය නැවත ගැබ්ගෙන ඇති බවයි.  ජෙසිකා කේට්ගේ සමීප මිතුරියක බව රජ පවුල පිළිගත්තද මේ ආරංචිය ගැන කිසිවක් නොකියන රාජකීය
බලධාරීන් ජෙසිකා හා කේට් කාලයකින් හමුවූයේ නැති බව කියා තිබෙනවා.
නමුත් 2012 වසරේත් කිසිම මාධ්‍යයකට හෙළි නොකළ ජොර්ජ් කුමරු පිළිසිඳගත් ආරංචියද හෙළිකර තිබුනේ ජෙසිකාය.
කේට් කුමරිය ආයෙත් ගැබ්ගෙන කියන ආරංචිය කාටත් දැනුනේ මින් දෙසතියකට පමණ පෙර ජෝර්ජ් කුමරුගේ පළමුවැනි උපන්දිනය චාම්ව සිදු කළ නිසයි. ඒ දිනවල කේට් කුමරිය උදෑසන අපහසුතා නිසා අසනීප ගතියෙන් සිටි බවට කතා පැතිරුණා. ඒ උපන්දින උත්සවයට ආරාධනා ලබා තිබුණේ රජ පවුලේ අය පමණක් වූ අතර එහි ඡායාරූප කිසිවක් මාධ්‍යයට නිරාවරණය කළේද නැත.
මේ අතර බි‍්‍රතාන්‍යයේ මිරර් ඇතුළු ප‍්‍රධාන පෙළේ මාධ්‍යයත් කේට්ගේ දෙවන දරු උපත ගැන තහවුරු නොකළ ආරංචි පළකර තිබෙනවා. ඒ ඇතැම් ඒවායේ දෙවැනි දරුවා ගැහැණු අයෙකු බව කියන අතර තවත් සමහර ඒවායේ කේට්ට නිවුන් දරු උපතක් පිහිටා ඇති බවත් ඒ දෙන්නාම ගැහැණු දරුවන් බවත් කියා තිබෙනවා. කෙසේ වෙතත් රජ පවුලේ ප‍්‍රකාශකයින් මේ කිසිවක් මේ වනතුරු තහවුරු කර නැත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි