රෙබෙකා ඇගේ රෝගය මාධ්‍යයෙන් වසන් කර තිබුණ හේතුව

රෝස කුසුමක් පිපේවි...
රතු රෝස කුසුමක් පිපේවි...
සොහොන් බිම මා වළ දැමූ තැන
රෝස කුසුමක් පිපේවි...

ජීවිතේ කිසිදාක මෙලොවින්
ආදරේ දිය බිඳක් නොලැබුව
ගැහැනියක පෙර දවසක විසූ වග
පිපුණු ඒ මල කියාවි...

මිලාන වූ සිරුරින් තැනින් තැන
ආදරේ සරණක් සිඟාගිය
අන්ත අසරණ යුවතියක ගැන
පිපුණු ඒ මල හඬාවි...

නන්දා මාලිනී ගයන ඒ ශෝකී ගීතය තමන් මිය ගිය දිනෙක ගයන්නැයි අපෙන් සමුගත් රෙබෙකා නිර්මලී තම යෙහෙළියකගෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව එම ගීතයේ ශෝකී රාවය නිර්මලීගේ නිසල දේහය ඉදිරියේදී සවනත වැකෙද්දී රසික දෑස් කඳුළින් තෙත්විණි.

රෙබෙකා ඒ ගීතයට එතරම් ප‍්‍රිය කළේ මක් නිසාද? එම ගීතයම තම මළ ගමේදී ගයන්නට කීවේ මක් නිසාද? ඒ ගීතය තුළ සැඟව ඇති අරුත තම ජීවිතය කියවන්නට හැකි පද පෙළක් වූ නිසාද?වෙදහාමිනේ ලෙස මේ රටේ පේ‍්‍රක්ෂකයන් රෙබෙකා නිර්මලී
නම් රංගන ශිල්පිනියට ආදරය කළද සැබෑ ජීවිතයේදී ගැහැනියක ලෙස ඇය ප‍්‍රාර්ථනා කළ ආදරය ඇයට ලැබුණේ නැත. ගැහැනියක ලෙස එය ඇයට සදාකාලික වේදනාවක් වුවද තම එකම දියණිය ජීවත් කරවීම සඳහා, ඇයට නිසි අධ්‍යාපනය ලබාදීම සඳහා, ජීවිතයට තනිවම මුහුණ දෙමින් දෙපයින් නැඟී සිටින්නට ඇය වෙර දැරුවාය.


ඒ ජීවිත සටන තුළ ඇයට විවේකයක්, විරාමයක් නොවීය. තම අසනීපයකට ප‍්‍රතිකාර ගන්නට තරම්වත් ඇය නොවෙහෙසුණාය. හිටගෙන හිටින්නට නොහැකි තරම් වූ කකුලේ අමාරුවකට ප‍්‍රතිකාර ගන්න ගිය තැන ඊට හේතු සෙවීමේදී ඇයගේ එක් වකුගඩුවක ක‍්‍රියාකාරීත්වය ඇන හිටීමක් දැන ගන්නට ලැබිණි. ඒ අනුව වකුගඩු සැත්කමකට මුහුණ දුන් රෙබෙකා ජීවත් වීම පිළිබඳ බලාපොරොත්තුවේ දෑස් දල්වා ගෙන සිටියදී යළි කකුලේ වේදනාව බරපතළ වූයෙන් ඊට හේතු සොයන්නට යෑමේදී දැනගන්නට ලැබුණේ ඇය දරුණු පිළිකා රෝගයකට ගොදුරුව ඒ වන විටත් එය සිරුර පුරා පැතිර ගොස් ඇති බවකි.
ජයන්ත චන්ද්‍රසිරිගේ වෙදහාමිනේ ටෙලි වෘත්තාන්තයේ වෙද හාමිනේ (නිර්මලී* ලෙස රංගනයට අත්පොත් තැබූ රෙබෙකා ඇගේ ඒ පළමු රංගනයෙන්ම පේ‍්‍රක්ෂක සිත් සතන් ඇද බැඳ ගන්නට තරම් වාසනාවන්ත වූවාය.


එදා මෙදා තුර ටෙලි නාට්‍ය 150ක පමණ ඇය රංගනයෙන් දායක වූ නමුදු ඇගේ පළමු රංගනයම අදටත් පේ‍්‍රක්ෂක මනසේ රැෙක්‍ෂන්නට හේතු වූයේ ඒ රංගනයේ අපූර්වත්වය නිසා බවට සැකයක් නැත.
පිළිකා රෝගීන් සුවපත් කරන වෙද ගෙදරකඑකම දියණිය සිය පියාගේ අභාවයෙන් පසු ඒ වෙදකම අත්හදා බලන්නට දැරූ ප‍්‍රයත්නය සාර්ථක වීමෙන් දරුණු පිළිකා රෝගයකින් පිරුණු ගුණේද්‍ර (කමල් අද්දරආරච්චි* නමැත්තකු සුවපත් කිරීම වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ කතා තේමාව විය.

90 දශකයේදී විකාශනය වූ එම ටෙලි නාට්‍යය පේ‍්‍රක්ෂක ජනතාව අදත් සිහිපත් කළ සැණින් ඔවුන්ගේ මනසේ ඇෙක්‍ෂන්නේ වෙදහාමිනේ (නිර්මලී* ලෙස ඊට පණ පෙවූ රෙබෙකා නිර්මලීය. ඇගේ රංගනය එතරම් අපූර්වත්වයෙන් මතු වූයේ කෙලෙසක දැයි යන්න එදා ඇගේ වෙදකමින් සුවපත් වූ (ගුණේන්ද්‍ර* කමල් අද්දරආරච්චි පැහැදිලි කරන්නේ මෙසේය.


”වෙද හාමිනේ” ටෙලි නාට්‍ය තුළින් රෙබෙකා නිර්මලීගෙන් මතු වුණේ ඉතාම නැවුම් රංගනයක්. සාමාන්‍යයෙන් පොඩි දරුවකුට වුණත් යමක් උගන්වන්න ගියාම ඊට කලින් යම් යම් දේවල් අහලා කරලා ඔළුව කුරෝලූ කරගෙන හිටියම උගන්වන දේ ඒ දරුවගේ මනසට හරි හැටි ග‍්‍රහණය වෙන්නේ නෑ. එහෙම මනස කුරෝලූ නොවූ දරුවකුට උගන්වන දේ පහසුවෙන් ග‍්‍රහණය කරගන්න පුළුවන්.
රෙබෙකා නිර්මලී ”වෙද හාමිනේ” ටෙලි නාට්‍යයේ රංගනයට ආවේ නිදහස් මනසකින්. ඇයට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නිසි මඟ පෙන්වීම ලැබුණා වගේ අප සමඟ වැඩ කිරීමෙනුත් රංගනය කියන එක ශාස්ත‍්‍රානුකූලව නොවුණත් ශාස්ත‍්‍රයට අනුව අඩිය තියලා එහි ”අ” යනු ”ආ” යනු කියවන්න ලැබීම ඇය ලැබූ වාසනාවක්. ඒ නිසා තමයි රෙබෙකාගේ රංගනය පේ‍්‍රක්ෂක මනසේ සදාකාලික සිහිවටනයක් බවට පත් වුණේ. එය පමණ ඉක්මවා ගිය අධි රංගනයක් නෙවෙයි. චරිත අභ්‍යන්තරයෙන් නැෙÛන ගුණ සමුදාය විහිද වූ අව රංගනයක්.


අද ක්ෂේත‍්‍රයට අලූතින් එන නළු නිළියන්ට රෙබෙකා වගේ නිළියකට ලැබුණු වාසනාව
අහිමි වෙලා. මොකද අද තියන්නේ තනිකරම බිස්නස් එකක්. ඒ බිස්නස් එක ඇතුළේ නළු නිළියෝ කුලීකාරයෝ බවට පත්වෙලා. අද ඒ අය කුලියට වැඩ කරන පිරිසක් බවට පත්වෙලා. ඉතින් රංගනය ගැන ඉගෙන ගන්න, තමන්ගේ රංගනයක් මතු කරන්න අවස්ථාවක් ඒ නළු නිළියන්ට ලැබෙන්නේ නෑ.


කොහොම වුණත් රෙබෙකා ”වෙද හාමිනේ” තුළින් මතුකර ගත්ත රංගන හැකියාව, අර මං කිව්ව කුලී රැකියා තත්ත්වය අනුව යළිත් මතු කරන්න පුළුවන් වුණාද කියන එක මටත් ප‍්‍රශ්නයක්. මේක රෙබෙකාට නෙවි මටත් මුහුණ පාන්නට සිදුවෙලා තියෙන පොදු ප‍්‍රශ්නයක්.
රෙබෙකාගේ මේ අකල් මරණය මා තුළ බලවත් කම්පාවක් ඇති කළා. වෙද හාමිනේ හැටියට එදා ඒ ටෙලි නාට්‍යයේ මාව (ගුණේන්ද්‍ර* සුවපත් කළ නිර්මලී අද සැබෑ ජීවිතයේදී පිළිකා රෝගය වැලඳීමෙන් මියයෑම ඇත්ත වශයෙන් දෛවෝපගත සිදුවීමක්. රෙබෙකා කියන්නේ පොළොවේ පය ගහලා හිටිය බොහොම අහිංසක, සුහදශීලී, කාලෙකින් දකින්නට නොලැබෙන සුවිශේෂ ගැහැනියක්. ඇයගේ රංගන කුසලතාවන්ගෙන් නිසි ඵල ලබාගත නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයක්. එය රෙබෙකාට පමණක් නොව, මේ රටේ සියලූම නළු නිළියන්ට මුහුණ දෙන්නට සිදුවී ඇති අවාසනාවන්ත තත්ත්වයක්.”


රෙබෙකා පිළිකාවට ගොදුරු වූ පුවත ඇය මාධ්‍යයෙන් වසං කරන්නට දැරූ උත්සාහයද කමල් අද්දරආරච්චි කියන්නාක් මෙන් මේ රටේ අද නළු නිළියන් පත්ව සිටින ඛේදජනක ඉරණම සංකේතවත් කරන්නකි. අපට අසන්නට ලැබුණේ ඇය තම රෝගී තත්ත්වය මෙසේ වසං කරගෙන සිටින්නට උත්සාහ දැරුවේ රෝගය සුවවීමෙන් අනතුරුව ඇයට නැවත රඟපාන්නට ඉඩ ප‍්‍රස්තා අහිමි වේ යැයි තිබූ බිය නිසා බවකි.


කමල් අද්දරආරච්චි පවසන පරිදි අද රංගන ක්ෂේත‍්‍රය තනිකරම කුලී කර්මාන්තයක් බවට පත්ව ඇති තත්ත්වය තුළ රෝගී තත්ත්වයකට ගොදුරු වූ රංගන ශිල්පියකු ශිල්පිනියක දෙස දයාවෙන් බලන්නට ඉඩකඩ නැත.


ඉඳින් මේ තත්ත්වය තුළ රෙබෙකා ඇතුළු මේ රටේ සමස්ත රංගන ශිල්පිනියන්ට ශිල්පීන්ට මුහුණපාන්නට සිදුව ඇති පොදු ඉරණමකි. ඒ ඉරණම තුළ ඔවුන්ට සිදු වන්නේද තමන් මිහිදන් කළ සොහොන් බිමේ රෝස කුසුමක් පිපේවා යැයි ප‍්‍රාර්ථනා කරන්නට පමණි.
තත්ත්වය එසේ වුවද කලාකරුවන් කෙරෙහි ජනතාව තුළ පවතින අසීමිත ආදරය මිල කළ නොහැකිය. ඒ ආදරය සෙනෙහස කොපමණදැයි මෑතකදී ධර්මසිරි බණ්ඩාරනායක සහභාගි වූ ගුවන් විදුලි වැඩසටහනකදී රසිකාවියක කියූ වදන් පෙළක් ඊට දෙස් දෙනු ඇත. එය මෙසේය.


මිය නොයනා ඔබ ගැන
මොනවට ගී ලියන්නද
සොහොන් කොත්වල...
නොමැකෙන ගී
ලියුවේ ඔබයි අපගේ
සොහොන් කොත්වල...


ගුණසිරි සිල්වා

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්