පාසල් නොයන දෙමළ ඉංග‍්‍රීසි චිත‍්‍රපට බලන 13 හැවිරිදි අක්කා රසකැවිලි නුදුන්නැයි කියා 6 හැවිරිදි නංගීට පිහියෙන් ඇන මරලා

අද කාලයේ අසන්නට ලැබෙන ඇතැම් ආරංචි මින් පෙර කවරදාවත් මෙරට සමාජයේ අසන්නට නොලැබුණු දරුණු ඒවාය. පෙරේදා සවස මොණරාගල බඩල්කුඹුර ප‍්‍රදේශයේ නිවසකදී 13 හැවිරිදි අක්කා 6 හැවිරිදි නංගීට පිහියෙන් ඇන මරාදැමීමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තාවී තිබෙනවා.
රසකැවිලි වාර්ගයක් බෙදාගන්නට බැරිව නංගී සමග ඇති වූ වාදයක් දුරදිග යාමෙන් පසු අක්කාට රණ්ඩුව නතර කරන්නැයි පියා විසින් අවවාද කර ඇති බවත් මෙම අවස්ථාවේ නොරිස්සුම් සහගතවූ 13 හැවිරිදි අක්කා 6 හැවිරිදි එකම නංගීට පිහියෙන් ඇණ මරා සිය කෝපය පළකර ඇති බවත් වාර්තා වුණා.
ඇය නංගීව නිවස පිටුපස ලඳු කැලෑ පෙදෙසකට කැඳවාගෙන ගොස්

පිහියෙන් යටි බඩට ඇන ඇති අතර දෙමාපියන් විසින් ඇයව ගසකින් වැටුනා කියා රෝහල්ගත කර ඇත.
බරපතළ තුවාල ලැබූ  දැරිය බඩල්කුඹුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු
මියගොස් තිබුණා.තුවාල ලැබූ දැරිය බඩල්කුඹුර රෝහලට ඇතුළත් කර ඇත්තේ ගසකින් වැටුණු බව පවසමින් වුවත් එය බොරුවක් බවත්
පහරදීම සඳහා පිහියක් යොදාගෙන තිබුණ බවත් පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වුණා.
දැරිය බාල දැරිය නිවස පිටුපස වූ ලඳු කැලෑ ප‍්‍රදේශයට ඇදගෙන ගොස් ගසක් යටදී තියුණු ආයුධයකින් ඇගේ ශරීරයට පහරදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.

මියගිය දැරියගේ ශරීරයේ කැපුම් පහරවල් දහයකට වැඩි ප‍්‍රමාණයක් තිබූ බව වෛද්‍ය වාර්තා හෙළි කළා. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගිය දැරියගේ බඩවල් එළියට ඇවිත් තිබූ අතර පපු ප‍්‍රදේශය හා අත්පා ආදී ප‍්‍රදේශවල කැපුම් තුවාල දක්නට ලැබ ඇත. මෙම සිද්ධිය වීමට විනාඩි තිහකට පමණ පෙර දැරියන් දෙදෙනාගේ පියාද පල්ලියට ගොස් පැමිණ සිටියදී මෙම සිද්ධිය වී ඇත.
ඝාතන සිදුකළ බව කියන සැකකාර දැරිය නිරන්තරයෙන්ම දෙමළ හා ඉංග‍්‍රීසි චිත‍්‍රපට නරඹන බව ප‍්‍රදේශවාසීන් පොලිසියට පැවසුවා.
මොණරාගල, බඩල්කුඹුර ප‍්‍රදේශයේ නිවසක පදිංචි එම අක්කා නගෝ දෙදෙනා
කාලයක් තිස්සේ ආදරයෙන් සිටි නමුත් මෑතක සිට විවිධ නොවැදගත් කාරණා සම්බන්ධයෙන් වාද කරමින් සිට තිබෙනවා. මෙම මරණය සිදුව ඇත්තේ රසකැවිලි වගයක් බෙදාගන්නට බැරිව ඇතිවූ සුළු සිද්ධියක්  දුර දිග යාම නිසාය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 13 හැවිරිදි දැරිය පොලිස් අත්අඩංගුවට ගෙන
ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඇය පවසා ඇත්තේ ”ඒ වේලාවේ මට මොකක්ද වුණේ කියා දන්නේ නෑ” යනුවෙනි.
20 වනදා සවස 6 ට පමණ බඩල්කුඹුර පොලිස් වසෙමි බංගලා කොටස අළුපොත” බඩල්කුඹුර ලිපිනයේ වූ ඔවුන්ගේ නිවසේදී මෙම සිදුවීම සිදුව ඇත.
මියගිය දැරිය සාදිලා බානු නමැත්තියකි.
ඇය කළුගහවාඩිය සිංහල ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
මියගිය දැරියගේ පියා හා මව මීට පෙර විවාහ වී සිටි අය වෙති. පළමු විවාහයෙන් දෙදෙනාටම

දරුවෝ සිටිති. දෙවැනි විවාහයෙන් දියණියන් දෙදෙනකු පමණක් සිටින අතර දහතුන් හැවිරිදි හා සය හැවිරිදි එම දියණියෝ දෙදෙනා කළුගහවාඩිය පාසලේ ඉගෙනුමට ගිය මුත් වැඩිමල් දැරිය පමණක් පාසල් ගමන නතර කර ඇත.
දැරියන් දෙදෙනාගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත. ලබන සතියේ නැවත වරක් ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.
ඝාතනය සිදු කළ වැඩිමහල් දැරිය පාසල් යාම නතර කර ඇත්තේ මව විදේශගත වීම නිසා නිවසේ වැඩ කටයුතු කරන්නට අවශ්‍ය නිසාය.
තම නැඟනිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේද මේ අක්කා විසිනි. එපමණක් ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලූ කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය දැඩි මානසික පීඩනයකින් කල්ගත කර තිබෙන අතර අම්මා නැවත විදේශගතවීම පිළිබඳව කැමැත්තක් දක්වා ද නැත. ඇගේ නොරිස්සුම් සහගත මානසිකත්වය මතුවන්නේ එලෙසිනි.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට යවා තිබේ.
සැකකාර දැරිය අද (22* මොනරාගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා බඩල්කුඹුර පොලිසියට නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධ ස්වර්ණවාහිනී වීඩියෝ වාර්තාව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්