ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව වසන්ති චතුරානි නඩු මගට

ප‍්‍රවීණ නිළි වසන්ති චතුරානි තමාගේ කීර්ති නාමය හානි කළ බව දක්වමින් ගුවන්විදුලි නාලිකාවකට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.
ඇය පසුගිය දිනෙක නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනට ප‍්‍රකාශයක් ලබාදීමෙන් පසු එම ප‍්‍රකාශය ගුවන්විදුලිය මගින් ඉදිරිපත්කර ඇති ආකාරයත් එයින් පසුව ඇයට මඩගසමින් එම වැඩසටහනින් ඇය ගැන තොරතුරු ඉදිරිපත් කර තිබුණ ආකාරයත් සම්බන්ධව කණස්සල්ලට පත්ව සිටින වසන්ති ඇයගේ කීර්ති නාමයටත් ඇය ගැන ශ‍්‍රී ලාංකික
රසිකයින් අතර තිබුණ විශ්වාසය කඩකිරීමත් සම්බන්ධව නෙත් එෆ් එම් නාලිකාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වේ.
ඇය සඳහන් කර සිටින්නේ තමන්ගේ බඩවඩාගැනීමට පුද්ගලික වාසි තකා රජය සරණ ගොස් සිටින අතලොස්සක්වූ කලාකරුවන්ගේ ඒකාධිකාරය බිඳදැමීමේ අටියෙන්
සෙසු කලාකරුවන් වෙනුවෙන් මින් මාස 2 කට පමණ පෙර තමන් ඇතුළු පිරිසක් එක්ව කලා සංගමයක් පිහිටුවාගත් බවයි.
ඇය ලේකම් ධූරය දරන එහි සභාපති තැනට පත්වූ සමන් දිසානායක නමැත්තා සමග වෛරයෙන් කටයුතු කරන පිරිසක් ඔහුගේ පුද්ගලික ජීවිතයේ ප‍්‍රශ්නයක් මතුකර එම සංගමය දියකර හරින්නට මේ දිනවල මානබලමින් සිටින බවයි.
තමන් සමග වැඩ කරන සභාපතිවරයාගේ පුද්ගලික ජීවිතයේ වරද නිවරද ගැන තමන් නොදන්නා නමුත් ඔහු වෙනුවෙන් කතා කිරීමට සංගමය

නියෝජනය කරමින් තමා පොලිසියට යාම පාදක කරගෙන මෙම මඩගැසීම දැන් තමාදෙසටද හරවා ඇති බවයි.
සමන්ගේ ක‍්‍රියාකලාපය වැරදි බව තහුවුරු වන්නේ නම් ඔහු සංගමයෙන් ඉවත්කිරීම වෙනුවෙන්ද තමා ක‍්‍රියා කරන බව කියන වසන්ති තමාගේ ඉදිරිපත්වීමටද මේ ආකාරයට මඩ ගසන්නේ මේ පසුපස කිසියම් පිරිසක් සිටින බව නැවත සනාථ කරමින් බවත් දක්වනවා.

දින දෙකක පැවති බැලූම්ගල වැඩසටහනේදී නැසීගිය ටෙලි අධ්‍යක්ෂ නාලක වෙදමුල්ලගේ බිරිය චන්දි සහ සමන් දිසානායක අතර පැවති ප‍්‍රශ්නයක් ගැන සාකච්ඡාවකට තමා කථා කර තිබුනේ එම වැඩසටහනේ මුල් දිනයේ ඒක පාක්ෂිකව වැඩසටහන මෙහෙයවීමේ දෝෂය පෙන්නුම් කිරීමට නමුත් එම අවස්ථාවේ තමන්ගේ නිදහස් අදහස් දැක්වීම ඉදිරිපත් කර තිබුනේ තමන්ට පහරදීමට තවත් පුද්ගලයින්ගේ ප‍්‍රකාශ ලබාගනිමින් නැවතත් ඒක පාක්ෂික ආකාරයට බවත් වසන්ති චතුරානි පෙන්වා දෙනවා.

කාන්තාවකට එරෙහි හිංසනයක් සම්බන්ධව තමා  ඕනෑම තැනක කාන්තාවගේ පැත්තට කතා කරන්නට බය නැති නමුත් මේ සම්බන්ධ තමාට ලැබී ඇති තොරතුරු සහ පොලිසිය මගින් පවත්වන පරීක්ෂණ අනුව මෙහි සත්‍යතාව සහ තමා පෙනී සිටියේ ඇත්ත වෙනුවෙන් බවත් නුදුරේදීම

එළිවනු ඇති බවත් ඇය කියා සිටිනවා.

කිසියම් කාරණාවක දෙපැත්තක් තිබිය හැකි බව විශ්වාස නොකරන මෙම වැඩසටහන ඒක පාක්ෂිකව මතය ඉදිරිපත් කරන බවත් නඩුවක් උසාවියේ විභාග වෙද්දී එහි එක් පැත්තක් හුවා දක්වමින් නීතිය අතට ගෙන කරුණු ඉදිරිපත් කරන බවත් ඇය පවසනවා. මේ ආකාරයට කරුණු දැක්වීමේදී ඔවුනගේ මතයට විරුද්ධ අයට පහරදීමටද මාධ්‍යය භාවිත කර ඇති බව ඇය දක්වනවා.

තමා මෙම වැඩසටහනට විරුද්ධව පොලිසියට කළ පැමිණිල්ල විභාග කරන අවස්ථාවට අද පොලිසි ගිය නමුත් එම නාලිකාව නියෝජනය කරමින් කිසිවෙකු අද නොපැමිණි බවත් තමා වෙනුවෙන් කලා සංගමය මේ අවස්ථාවේ එක්ව සිටින බවත් කියන වසන්ති චතුරානි තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් නඩු මගට එලැඹෙන බවත් ඉදිරියේදී එම වැඩසටහන නතර කරවීමට නීතිය මගින් කටයුතු කරන බවත් කියා සිටියා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්