සිඟිති දියණිය ගලේ ගසා මැරූ සැකකාර තාත්තා රිමාන්ඞ්

අවුරුද්දයි මාස හයක් වයසැති තම සිඟිති දියණිය ගලේ ගසා මරාදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (25) ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුව ලබන මස හතරවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත‍්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඊයේ (25) දහවල් නියෝග කළාය.

බේරුවල දර්ගා නගරයේ පදිංචි අන්තෝනි දුර සම්පත් නන්දික නමැති 29 හැවිරිදි අයකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
විහාරස්ථාන භූමියක දී මෙවැනි සිද්ධියක් කිරීමට තරම් මානසික තත්ත්වයක් ඇතිවීම නිසා සැකකරුව මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

පසුගිය 24 දා දහවල් බේරුවල මග්ගොන බුබුළන්ද විහාරස්ථානයේ ගල්තලාවක ගසා මරණයට පත් වූ හේෂාණි පබසරා නමැති දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (25* කළුතර

නාගොඩ මහ රෝහලේ දී සිදු කරනු ලැබිය.

අඹුසැමි ආරවුලක් නිසා බිරිඳගෙන් තාවකාලිකව වෙන්ව සිටි සැකකරු පසුගිය ඉරිදා (24* වැනි දා තම දරුවා බිරිඳගේ මවගෙන් රැගෙන ගොස් ඒ මොහොත් බිරිඳ රැඳීසිටිතැයි කියූ බුබුලවත්ත විහාරස්ථානයට රැගෙන ගොස් ඇත. නමුත් ඒ වන විට බිරිඳ පන්සල් භූමියෙන් බැහැරට ගොස් තිබූ නිසා දුරකථන සංවාදයකින් පසුව වියරුවට පත් සැකකරු තම සිඟිති දියණිය උස්සා ගල්තලාවේ ගසා ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බේරුවල පොලිසිය කියයි. මෙම සිද්ධිය 16 හැවිරිදි ළමයකු විසින් දැක ඇති බව ද පොලිසිය අධිකරණයට කියා සිටියේය.

බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ප‍්‍රියංක සිල්වා මහතා, පොලිස් සැරයන්වරුන් වන ජයන්ත (2605*, ජයන්ත (55208), පියසේන (17023) ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරති.

  වයි. ආරියතිලක - බදුරලිය
 වින්ද්‍යා කල්හාරි - කළුතර

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්