වාරියපොළ කණේ පාර අධිකරණයට යොමුවන ලකුණු තරුණයා රෝහලට - තරුණිය පොලිසියට වීඩියෝව ඉන්ටර්නෙට් දාපු අය සෙවීමට පරීක්ෂණ

පසුගියදා වාරියපොළ බස් නැවතුම්පළේදී තරුණියක විසින් තරුණයෙකුට කණේපහර ගැසීමේ සිද්ධිය අන්තර්ජාලයේ ආන්දෝලනයක් ඇති කර නිමාවට පත්වන ආකාරයක් මුලින් දිස් වුවත් මේ වනවිට එය ඊට වඩා දුරගොස් අධිකරණ ක‍්‍රියාමාර්ගයක් දක්වා ගමන් කරන ස්වරූපයක් පෙන්නුම් කර ඇත.
මෙයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ සිද්ධියෙන් පසු ඇතිවූ පවුල් හා සමාජ ප‍්‍රශ්නයි. අදාළ තරුණයාගේ පවුල කඩාඉහරවීමට පවා හේතුවූ මෙම සිද්ධිය නිසා

ඔහු අවමානයට පත්වූ අතර නීති උපදෙස් අනුව ඔහු දැන් තරුණියට එරෙහිව පියවර ගනිමින් සිටිනවා.

ඒ අනුව සිද්ධියෙන් සති තුනකට පමණ පසුව ‘කෙල්ලගේ කණේ පහර නිසා කණේ

අමාරුවක්’ හැදුණ බව කියමින් රොබට්දාසගේ චන්ද්‍රදාස හෙවත් සෙල්වා පෙරේදා රෝහල් ගතවුණා. එසේ කර ඇත්තේ ඔහු රෝහල්ගතවී වෛද්‍ය වාර්තාවක් ලබාගත් පසු තරුණියට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පහසු බැවිනි.

මේ අතර ඔහුට බැණවදිමින් ඔහුට දිගට හරහට කම්මුල් පහර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ තිලිනි ඉමල්කා නමැති තරුණියගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අද (27 වැනිදා* ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි වාරියපොළ පොලිසිය වාර්තා කර තිබෙනවා.ප‍්‍රහාරයට ලක් වූ තරුණයා වාරියපොළ පොලිසියට කළ පැමිණිල්ල අනුව මෙම ඉල්ලීම කර ඇත.

මෙම තරුණිය කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවද වාර්තාවූ අතර

සිද්ධියෙන් පසුව ඇය නිවසේ සැ`ගවී සිටිනවා හෝ වෙනත් ප‍්‍රදේශයක පදිංචියට ගොස් ඇති බවට වාර්තා පළවුණා. මාධ්‍ය මගින් සිදු කළ විමසීම් වලදී තරුණයා පමණක් මාධ්‍යවේදීන් මුණගැසීමට කැමැත්ත පළකළත් තරුණිය එසේ කළේ නැත. ඇය කෙටි දුරකථන ඇමතුම් වලට පමණක් සීමාවී මේ ගැන තොරතුරු සැපයුවා.

මේ අතර ඉදිරි අධිකරණ ක‍්‍රියාමාර්ග වලට අවශ්‍ය බැවින් මෙම තරුණයාට කම්මුල් ප‍්‍රහාර එල්ල කරන මොහොතේ බස් නැවතුම්පළේ සිටි අය මෙන්ම මෙම ආන්දෝලනය ඇති කරවමින් සිද්ධිය වීඩියෝ ගත කළ පුද්ගලයා ද සාක්ෂි සැපයීම සඳහා පොලිසියට අවශ්‍ය කරන බව වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි