අවුරුදු 13 අක්කා අවුරුදු 6 නංගීට පිහියෙන් ඇන මරලා
අද කාලයේ අසන්නට ලැබෙන ඇතැම් ආරංචි මින් පෙර කවරදාවත් මෙරට සමාජයේ අසන්නට නොලැබුණු දරුණු ඒවාය. ඊයේ සවස මොණරාගල බඩල්කුඹුර ප‍්‍රදේශයේ නිවසකදී 13 හැවිරිදි අක්කා 6 හැවිරිදි නංගීට පිහියෙන් ඇන මරාදැමීමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තාවී තිබෙනවා.
නංගී සමග ඇති වූ වාදයක් දුරදිග යාමෙන් පසු අක්කාට
රණ්ඩුව නතර කරන්නැයි පියා විසින් අවවාද කර ඇති බවත් මෙම අවස්ථාවේ නොරිස්සුම් සහගතවූ 13 හැවිරිදි අක්කා 6 හැවිරිදි එකම නංගීට පිහියෙන් ඇණ සිය කෝපය පළකර ඇති බවත් වාර්තා වුණා.
බරපතළ තුවාල ලැබූ දැරිය බඩල්කුඹුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු
මියගොස් තිබුණා.තුවාල ලැබූ දැරිය බඩල්කුඹුර රෝහලට ඇතුළත් කර ඇත්තේ ගසකින් වැටුණු බව පවසමින් වුවත් එය බොරුවක් බවත්
පහරදීම සඳහා පිහියක් යොදාගෙන තිබුණ බවත් පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වුණා.
මොණරාගල, බඩල්කුඹුර ප‍්‍රදේශයේ නිවසක පදිංචි එම අක්කා නගෝ දෙදෙනා
කාලයක් තිස්සේ ආදරයෙන් සිටි නමුත් මෑතක සිට කිසියම් කාරණයක් සම්බන්ධයෙන් වාද කරමින් සිට තිබෙනවා. මෙම මරණය සිදුව ඇත්තේ එය දුර දිග යාම නිසාය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 13 හැවිරිදි දැරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඇය පවසා ඇත්තේ ” ඒ වේලාවේ මට මොකක්ද වුණේ කියා දන්නේ නෑ” යනුවෙනි.
ඊයේ(20* සවස 6 ට පමණ බඩල්කුඹුර පොලිස් වසෙමි බංගලා කොටස අළුපොත” බඩල්කුඹුර ලිපිනයේ වූ ඔවුන්ගේ නිවසේදී මෙම සිදුවීම සිදුව ඇත.
මියගිය දැරිය සාදිලා බානු නමැත්තියකි.
මෘත ශරිරය බඩල්කුඹුර දිසා රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මොණරාගල මහේස්ත‍්‍රාත්වරයා විසින් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයක් පැවැත්විමට නියමිතව ඇත’ බඩල්කුඹුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි’