‘බොරෝබුදුර් වනසන‘ බවට අයිඑස්අයිඑස් අනතුරු අඟවයි

මෙම තර්ජනය කර ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහාය.
දෙවියන්ගේ කැමැත්ත අනුව මෙම විහාරය විනාශ
කරන බව එම වෙබ් අඩවියේ අනතුරු අඟවා ඇත.
මේ තර්ජනය නිසා මධ්‍යම ජාවා හි පොලිස් දෙපාර්තමේන්තුව බොරෝ බුදුර් විහාරස්ථානයේ ආරක්ෂාව තර කොට ඇත.
එමෙන්ම හමුදා ආරක්ෂාව ද යොදවන බව එරට හමුදා ප‍්‍රකාශකයා සඳහන් කර තිබිණි. ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සලකන මෙය 9 වැනි සියවසේදී ඉදිකරනු ලැබිණි.
1985 දී මුස්ලිම් අන්තවාදීහු මෙම විහාරයට බෝම්බ ප‍්‍රහාර එල්ල කර ස්ථූප අටක් විනාශ කළහ.
චතුර පමුණුව