මම සනත් වෙන්නෙත් නැහැ මාවන් වෙන්නෙත් නැහැ
ටෙස්ට් ක‍්‍රිකට් පිටියට සමුදුන් මහේල ජයවර්ධන තවත් මාස හයකින් පසුව ආරම්භ වන එක් දින ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදෙන බවත් අනතුරුව දේශපාලනඥයකු හෝ ක‍්‍රිකට් පුහුණුකරුවකු වීමට කිසිදු විටෙක තමා ඉදිරිපත් නොවන බවත් පැවසීය. පකිස්තානය සමඟ පැවැති ජයග‍්‍රාහී ටෙස්ට් තරගයෙන් පසුව ඊයේ (18 දා* සිය අනාගත සැලසුම් පිළිබඳව මහේල වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සමුදීමෙන් පසු සනත් ජයසූරිය මෙන් දේශපාලනඥයකු හෝ මාවන් අතපත්තු මෙන් පුහුණුකරුවකු වීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බව ද පැවසූ මහේල, ”මම කිසිම විටෙක දේශපාලනයට එන්නෙත් නැහැ. ක‍්‍රිකට් පුහුණුකරුවකු වෙන්නෙත් නැහැ. ඒ දෙකම කරන්න මට ඉවසීම මදි. මම හරි දේ කෙළින් කතා කරන කෙනෙක්. වැරැද්දක් දැකපු ගමන්
කට පියාගෙන ඉන්නත් මට බැහැ. ඔය දෙකම කරන්න මට එළියෙ ඉඳගෙන පුළුවන්. ඔය දෙකින් එකකට හරි ගියොත් මට ගෙදරිනුත් යන්න වෙයි” යනුවෙන් පැවසීය.
වසර 17 ක් පුරා ක‍්‍රිකට් ක‍්‍රීඩාවත් සමඟ ජීවත් වූ තමාට ඉන් වෙනත් පැත්තක් කෙරෙහි සිත යොමු කිරීමට අවශ්‍ය බවත් එහෙත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් අනාගතය වෙනුවෙන් කුමක් හෝ හරි දෙයක් කිරීම කෙරෙහි කල්පනා කරමින් සිටින බවත් මහේල පවසයි.
තමා ආරම්භ කළ ‘හෝප්‘ ව්‍යාපෘතිය මගින් යාපනයේ පිළිකා රෝහලක් ඉදිකර ඉකුත් ජනවාරි මස එහි වැඩ අවසන් කර භාරදුන් බවත් ඉදිරියේදී තවත් පිළිකා රෝහල් සෑදීමට ‘හෝප්‘ ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වන බවත් මහේල පැවසීය. තමන් රට වෙනුවෙන් ක‍්‍රිකට් ගසන විට ඒ පිටුපස සිට ශ‍්‍රී ලාංකීය ජනතාව ලබාදුන් ශක්තියට තමන් ස්තුතිවන්ත වන බවත් ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙනුවෙන් පිහිටුවා ඇති ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය යළිත් පණගැන්වීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
- අසේල විතාන