පියා අවුරුදු 1 1/2 දියණිය පොලොවේ ගසා මරලා

පියා විසින් අවුරුදු එකහමාරක් වයැසති තම දියණියගේ හිස ගලක ඇනීමෙන්  බරපතළ තුවාල ලැබූ දියණිය බේරුවල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර එවීමෙන් පසු මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන අක්කර 80 පදිංචි හිරුණි පබසරා නම් වූ දැරියකි.ඊයේ (24* දහවල් 1.00ට පමණ බේරුවල බුබුලවත්ත විහාරස්ථාන භූමියේදී මෙම සිද්ධිය වී ඇති අතර පියා දැරියගේ හිස ගලක අනිනවා තවත් දැරියක විසින් දැක ඇතැයි පොලිසිය කියයි.පවුල් ආරවුලක් හේතුවෙන් දැරියගේ මව සහ පියා වෙන්ව ජීවත් වේ. දියණිය සිටියේ මව සමගයි.

මෙම අඹු-සැමි යුවළ අතරේ විවාහ වූ කාලයේ සිටම පවතින පවුල් ආරවුලක් නිසා ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත් වේ.මෙම කාන්තාව

මවගේ නිවසේ ජීවත් වූයේ මියගිය දැරිය සමගයි.සිද්ධිය වූ ඊයේ ස්වාමි පුරුෂයා දැරියව දර්ගා නගරයේ බුබුලවත්ත විහාරස්ථානය අසලට රැගෙන එන ලෙස බිරිඳට දැනුම් දුන්නේය.

දැරියව ඥාතියකු අත මව යවා ඇතත් ස්වාමියා බිරිඳට විහාරස්ථානයට පැමිණෙන ලෙස වාර ගණනාවක්ම දැනුම් දුන්නේය. එහෙත් ඇය නොපැමිණියේය.අධික කෝපයට පත් ස්වාමියා තම දියණියව ගල් තලාවේ පොළොවේ ගසා මරා දමා ඇත.මෙම සිද්ධියෙන් පසුව සැකකාර පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පවුලේ අඹු සැමියන් පවුල් ආරවුලක් නිසා වෙන්වී සිටින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

බේරුවල පොලිස් ස්ථානධිපති දුමින්ද රාජපක්ෂ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රියංකර සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
වින්ධ්‍යා කල්හාරි - කළුතර / එස්.එම්. මද්දුමගේ - වැලිපැන්න

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්