කුඩුවලට සපෝට් කර කෝටිපතියෙකුවූ ගුවන් තැපෑලේ ලොක්කා

විදේශ රටවල සිට ශ‍්‍රී ලංකාවට ගුවන් තැපෑල හරහා මත්කුඩු, රත‍්‍රං සහ පිටරට දුම්වැටි ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැගෙන එන ජාවාරමේ මහ මොළකරුවා ලෙස සැලකෙන ගුවන් තැපෑලේ ඉහළ නිලධාරියා රුපියල් කෝටි තුනහමාරක් වියදම් කර කන්ටේනර් අංගනයක් සහිත සුවිසල් මන්දිරයක් මහනුවර
ප‍්‍රදේශයේ ඉදිකර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ”දිවයින”ට ඊයේ (25 වැනිදා* පැවසීය. වැඩිදුරටත් කරුණු දැක්වූ තැපැල් වෘත්තිය සමිති නායකයෝ ඉහළ නිලධාරියා ගැන මෙසේ කීහ. මෙම තැපැල් නිලධාරියාගේ විනෝදාංශය අධික මිලක්
සහිත විදේශීය මත්පැන් තම බිරිඳ සමග එකතු වී පානය කිරීමයි. නමුත් මොහු අද වනතුරු අත්අඩංගුවට ගෙන නැහැ. තෝරු මෝරු නිදැල්ලේ සිටියදී හාල්මැස්සෝ විතරක් අල්ලලා වැඩ තහනම් කළාට මේ මහා පරිමාණ ජාවාරම නතර කරන්න බැහැ.

ඩුබායි සිට ශ‍්‍රී ලංකාව හරහා මාලදිවයිනට යෑවීම සඳහා රැගෙන ආ පාර්සල් දෙකක් මැයි මාසේ ඉඳන් විවෘත නොකර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය තුළ පිහිටි තැපැල් රේගු ගබඩාවේ තිබෙනවා.

අපි අහනවා ඇයි මේ පාර්සල් දෙක විවෘත නොකරන්නේ කියලා. මීට පෙර විවෘත කළ පාර්සල්වල තිබුණේ කොන්ක‍්‍රීට් ගල් සහ පත්තර විතරයි.

මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවද තැපැල් වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් පැවසූහ.

ප‍්‍රියදර්ශන ලියනගේ

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි