මිරිස්වත්තේදී ජීප් එක ඉන්ටර්සිටියේ හැපී බම්බලපිටියේ රගර් ක‍්‍රීඩක දෙසොයුරන් මරුට
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ මිරිස්වත්ත දුම්රිය වේදිකාව අසල සෙනසුරාදා අලූයම සිදු වූ රිය අනතුරකින් බම්බලපිටියේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු අවාසනාවන්ත ලෙස මියගියා. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ සදේව උදිත අර්ජුන් එල්ලාවල ධර්මදාස (26* සහ අමේන්ද්‍ර චරින්ද එල්ලාවල ධර්මදාස (23* දෙසොහොයුරන්ය.
බම්බලපිටියේ ලොරිස් පාරේ පදිංචි මෙම තරුණයන් දෙදෙනා රත්නපුර ඇහැළියගොඩ එල්ලාවල ප‍්‍රදේශයේ සිට පෙරේදා අළුයම 3.40 ට පමණ කොළඹ බලා එන අතරතුරදී කොළඹ බලා යමින් තිබූ තවත් බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී කොළඹ සිට වැලිමඩ දක්වා ගමන් කළ අර්ධ සුඛෝපභෝගී බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
රත්නපුර ප‍්‍රදේශයේ පිහිටි ඥාති නිවසක උපන්දින සාදයකට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ඔවුන් දෙදෙනා යනවිට වාහන දෙකකින් ගිය බවත් එද්දී ජීප් රියක ආ බවත් වාර්තා වුණා. වැඩිමහල් සොයුරා ජීප්රිය පදවා ඇත.
මිරිස්වත්ත දුම්රිය පොළ අසළදී මෙම අනතුර සිදුවූ අවස්ථාවේ වැලිමඩ බලා ගිය පුද්ගලික බස් රථයේ ජීප් රිය වේගයෙන් ගැටුණ අතර ජීප් රියේ බඳ කොටසට දැඩි අලාභහානි වුණා.
මේ හේතුවෙන් ඇතුළේ සිටි දෙදෙනා එළියට ගන්නට බස් රථයේ මගීන්ට දැඩි වෙහෙසක් ගන්නට සිදුවුණා. අනතුර සිදුවූ අවස්ථාවේ ඇතිවූ දැඩි තුවාල හේතුවෙන් වැඩිමල් සොයුරා එතැනම මිය ගිය අතර බාල සොයුරා රෝහලට ඇතුළත් කළ පසු මියගියා.
මෙම සොයුරන් දෙදෙනාම කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් වූ රගර් ක‍්‍රීඩාවේද නිරතවූ දෙදෙනෙකි.අනතුරින් මියගිය වැඩිමහල් සොයුරා පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර
ළාබාල සොයුරා මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී නිවාඩුවකට ලංකාවට පැමිණ සිටියා.
බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.