බිරිය රෑ වත්තේ කෙසෙල් පඳුර අසල හැංගිලා සැමියා වස බීලා
තෝවත් මරාගෙන මාත් මැරෙනවා කියා පැවසු සැමියා කිතුල් පොල්ලක් අතට ගත්තා. බිය වූ මා නිවසින් පලා ගියේ යෑයි අමනාප වී බිරිඳ නිවසින් යැම නිසා සිත් තැවුලට පත් දෙදරු පියෙකු වස පානය කර මියයැම සම්බන්ධව ගම්පහ මහ රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මිය ගිය අයගේ බිරිඳ එසේ පැවසීය.
දිවුලපිටිය කුඩගම්මන ඉඳුරවත්තේ පදිංචිව සිටි 27 හැවිරිදි වනිගසේකර ගුණසේකර මුදලිගේ සමීර යන අය මරණකරු විය. ගම්පහ මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී. පී. ආර්. පී. රාජපක්ෂ මහතා ඉදිරියේදී පැවති මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් සාක්ෂි දුන් මියගිය අයගේ බිරිඳ වූ පීටර් පෙරේරා ගේ නිලූපා (අවු( 21* මෙසේ පැවසීය.
මියගිය සැමියාගේ වම් ඇස පේන්නේ නෑ. මා ත‍්‍රිකුණාමලයේ ඇඟලූම් කම්හලක සේවය කරමින් සිටින විටයි ඔහු හමු වුණේ. අපි එකට ජීවත් වුණා. විවාහ උනේ
දැනට වසර දෙකකට පමණ පෙරයි. සැමදා අරක්කු බොන සැමියා මා සමග නිතර නිතර රණ්ඩු වුණා. මා දරු දෙදෙනා සැමියගේ මවට බාරදී නිවසින් පිටව ගොස් අක්කා ගේ නිවසේ සිටියා මට දරුවෝ බලන්නේ නැතිව ඉන්න බැරි නිසා සැමියාගේ නිවසට නැවත ආවා. සැමියා මගෙන් ඇසුවා උඹ ආයේ යන්නද ආවේ කියා. මම ඔව් කිව්වා. සැමියා මගේ බෙල්ල මිරිකලා කකුල් දෙක කඩනවා කියා කිතුල් පොල්ලක් ගත්තා. තෝවත් මරාගෙන මාත් මැරෙනවා කියා තර්ජනය කළ නිසා මා බිය වුණා. මම නිවසින් එළියට ගිහින් කෙසෙල් පඳුරක් ළඟ හැංගිලා මුළු රාත‍්‍රියම ගත කළා. පාන්දර 4 ට විතර පාරට ගොස් කඩුවෙල අක්කලාගේ ගෙදරට ගියා. පසුව මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා සැමියා වසබී මියගොස් ඇතැයි කියා යෑයි ඇය පැවසීය. මියගිය සමීර යන අයගේ මරණය වස පානය කිරීමෙන් සිදුව ඇති බවට මරණ පරීක්ෂකවරයා තීන්දු කරන ලදී.
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක