දින 25 කට පසු කැලෑවේ ගහක එල්ලෙමින් තිබුණ අතුරුදන්වූ තරුණයාගේ අභිරහස් මළ සිරුර

හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ පුද්ගලික ඉංජිනේරු ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි විදුරංග නමැති තරුණයෙකු පසුගිය මාසයේ හදිසියේ අතුරුදන්ව තිබුණා. නිවැසියන් ඔහු ගැන සොයා බැලූවත් කිසිදු ආරංචියක් ලැබී තිබුනේ නැත.
පසුව නිවැසියන් පොලිසියට පැමිණිලි කළද තොරතුරක් හමුව නැත. ටික දිනක් යද්දී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කැලෑවේ රාජකාරියේ නිරවෙද්දී මාදම්පේ
පනිරෙන්දාව ප‍්‍රදේශයේ වනන්තරයක තිබී හිමිකරුවෙකු නොමැති බෑගයක් සොයාගෙන තිබූ අතර
එහි හැඳුනුම්පතක්ද තිබී ඇත. එය කාගෙදැයි නොදන්නා නිසා හිමිකරු සොයා බාරදෙන්නැයි පොලිසිය වෙත ගොස් ඔවුන් ඉල්ලා සිටියා. හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී පොලිසියට මතක් වුනේ මෙම නම සඳහන් පුද්ගලයා අතුරුදන් බවට මින් ටික දිනකට පෙර නිවැසියන් කර තිබුණ පැමිණිල්ලයි.

නිවැසියන් හමුවූ පොලිසිය එම බෑගය හා හැඳුනුම්පත පෙන්වද්දී තහවුරු වී ඇත්තේ හමුවී තිබෙන්නේ දින 25 කට පෙර අතුරුදහන්වූ බව කියන තරුණයාට අයත් හැදුණුම්පත බවය.
ඒ අනුව බෑගය හමුවූ ස්ථානය අවට පනිරෙන්දාව රක්ෂිත වනාන්තරය තුළ පොලිසිය මාපියන් සමග සිදු කරන ලද සොයා බැලීමකදී අභිරහස් ලෙස ගසක එල්ලෙමින් තිබූ මිය ගොස් ඇති තරුණයාගේ මළ සිරුර හමුවී තිබුණා.
ඒ අසල තිබූ ඇදුම් වලින් මිය ගොස් ඇත්තේ තම දරුවාම බවද අතුරුදහන්වී සිටි තරුණයාගේ මව්පියන් හ`දුනාගත්තා. දින 25 කට පෙර තම නිවසින් අතුරුදහන්වූ පුත‍්‍රයා
මෙලෙස හමුවේවියැයි මව්පියන්ට විශ්වාස කරන්නට බැරිව ගියා.
මාදම්පේ - පූක්කුලම ප‍්‍රදේශයේ පදිංචිව සිටි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන නම්වූ මෙම තරුණයා සිවිල් ඉංජිනේරු පාඨමාලාවක්ද  හදාරා ඇති අයෙකි.ඔහු පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටියේය. ඔහු මේ ආකාරයට මියයාම නිවැසියන්ට ප‍්‍රහේලිකාවක් වුණා.
තරුණයා ගෙළ වැළලා ගත්තේ නම් මළ සිරුර තිබිය යුතු ආකාරය සහ මළ සිරුර එල්ලී ඇති ගසේ තත්ත්වය අනුව මෙය එල්ලී මියයාමක්ද යන්න ගැන සැක මතුවී ඇති බවත් බැලූබැල්මට කිසිවෙකු හෝ මරා එල්ලා ඇති බවක් හැ`ගී යන බවද පොලිසිය පැවසුවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට මාදම්පේ පොලීසිය තීරණය කර ඇත.
මේ වන විට මළ සිරුර තිබෙන මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්