හිරුනිකා මල්ෂා ඔටාරා ඉරාජ් භාතිය මහේල-සංගා අයිස් බකට් නාපු හැටි...
ඔබාමා නාන්න බෑ කියලා..
සතුන්ට හිංසාකරන සංවිධානයක් යයි
පැමිලාගෙන් විවේචන
මේ වනවිට අන්තර්ජාලයේ ජනප‍්‍රියවී තිබෙන ඒ එල් එස් අයිස් බකට් අභියෝගය Amyotrophic lateral sclerosis (ALS)නමැති ස්නායු රෝගීන්ගේ අරමුදල සඳහා මුදල් රැස්කිරීමේ ලෝක ව්‍යාප්ත අරමුදලට ආධාර පිණිස ඇරඹුවකි.
විනෝදාත්මක මුහුණුවරකින් සිදු කළත් අවසාන පරමාර්ථය යහපත් එකක් නිසා මෙම ව්‍යාපෘතිය වෛරසයක් මෙන්
ඉක්මණින් පැතිරීගිය අතර මේ සඳහා සමාජයේ ප‍්‍රසිද්ධ පුද්ගලයින් එක්වී සිටීමත් ඔවුන් වතුර නාන හැටි බලන්නට අන්‍යයන් දක්වන කුතුහලයත් නිසා අරමුදලට මුදල් ඉක්මණින් ගලා එන්නට වුණා.
පසුගිය ජුලි 15 වනදා ඇරඹි මෙම ව්‍යාපෘතිය ඊයේ(අගොස්තු 22) වන විට උපයා ඇති අරමුදල් ආදායම ඩොලර් මිලියන 53.3 ක් බව
සංවිධායකයින් පවසනවා. මෙවැනි තරගයකින් තොරව වෙනත් ක‍්‍රම යොදාගෙන ගිය වසරේ මේ කාලයේ ඔවුන් උපයා ගත්තේ ඩොලර් මිලියන 2.2 ක් බවත් එය විසිහතර ගුණයකින් වැඩි කරන ලද්දේ මෙම තරගය බවත් ඔවුන් පවසනවා.
මෙහිදී මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ නාන්නට තවත් පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි.එය සම්පුර්ණ කරගැනීමට නොහැකි වුවහොත් එම පුද්ගලයා ස්නායු රෝගී අරමුදලටඩොලර් 100ක මුදලක් තැන්පත් කළ යුතු
අතර එය සම්පූර්ණ වුවොත් අරමුදලට ඩොලර් 10 ක් යොමු කළයුතුය.
අයිස් වතුර බාල්දියකින් නාගෙන එය යු ටියුබ් වීඩියෝවක් ලෙස ප‍්‍රසිද්ධ කිරීමද මෙහි කොන්දේසියකි.
මෙම ව්‍යාපෘතිය සඳහා එක්වූ ප‍්‍රකට විදෙස් ජාතිකයින් අතර මාර්ක් ෂුකර්බර්ග්,බිල් ගේට්ස්,ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බි‍්‍රට්නි ස්පියර්ස්,ලේඩි ගගා,ජස්ටින් බීබර්,ටොම් කෲස්,ඬේවිඞ් බෙකම්,ටේලර් ස්විෆ්ට්,ග්විනිත් ප්ලට්‍රෝ හා සනී ලියොන් ආදීන්ද සිටිනවා.
මෙම අභියෝගයට එක්වන්නැයි නම් කළත් තමාට එයට එක්වන්නට නොහැකි නමුත් අරමුදලට මුදල් යවන බව ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා කියා තිබුණා. ඔහුව කිහිප දෙනෙකු නම් කර තිබුන අතර කෙනඩි පවුලේ සාමාජික එතල් කෙනඩිගේ අභියෝගයට ඔහු පිළිතුරු සපයා තිබුණා.
මේ අතර ප‍්‍රකට හොලිවුඞ් නිළි පමිලා ඇන්ඩර්සන්ව මෙම අභියෝගයට නම් කළ පසු ඇය ඒඑල්එස් අරමුදල් ව්‍යාපෘතිය විවේචනයට ලක්කරමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ පර්යේෂණ කටයුතු සඳහා පණ ඇති සත්වයන් යොදාගන්නා බවත් සත්ව හිංසනයට වක‍්‍රාකාර දායකත්වයක් සපයන ආයතනයක් බැවින් තමා අයිස් බකට් අභියෝගය මෙන්ම මෙයට
අරමුදල්දීම ප‍්‍රතික්ෂේප කරන බවත්ය.
එසේම මෙම ව්‍යාපෘතිය අඩුපාඩුවක් පෙන්වාදෙන සුප‍්‍රකට වෛද්‍ය බ‍්‍රයන් ඕනිල් අනපෙක්ෂිත ලෙස අයිස් වතුර නෑම සෑම වයසකම සෑම කෙනෙකුටම සෞඛ්‍යයට ඔරොත්තු නොදෙන බවත් මෙම අභියෝගය නිසාම පුද්ගලයින්ට ස්නායු රෝග සාදාගන්නට නැඹුරුවක් ඇති කරනු ඇති බවත්ය.
මේ අතර ව්‍යාපෘති ප‍්‍රගතිය විවේචනය කරන විලියම් මැක්විල් මෙම අයිස් බකට් නෑම බොහෝ අය දැන් විනෝදයට හා විලාසිතාවක් ලෙස සිදු කරන බවත් අරමුදලේ නම සඳහන් කිරීමට පවා බොහෝ අයට උනන්දුවක් නැති බවත් සමහර අය වෙනත් අරමුදල් ගැන කථාකරන බවත් එය දැන් ‘කැනිබිලයිස්’ වූ ව්‍යාපෘතියක් බවත් දක්වනවා. ඒ හේතුවෙන් අරමුදල හරියාකාරව රැස්කරගන්නට අපහසුවනු ඇති බවත් ඔහු පවසනවා.
අයිස් බකට් අභියෝගය ලංකාවටද පැමිණි අතර ඉරාජ් වීරරත්න, ඔටාරා ගුණවර්ධන,මල්ෂා කුමාරතුංග,හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, භාතිය ජයකොඩිද මේ වනවිට අයිස් බකට් නාපු අය අතර සිටිනවා.
ඔටාරා කියා සිටියේ මෙ අරමුදල ගැන මෙන්ම නාරාහේන්පිට චිත‍්‍රා මාවතේ ආබාධිතයින් ගැනද සොයා බලන්නට තමන් ඉල්ලන බවයි.
භාතිය අපිරිසිඳු අයිස් වතුර නා ඉල්ලා සිටියේ හම්බන්තොට නිය`ගයෙන් වතුර නැතිව සිටින අයට උදව් කරන්නටද සිතා බලන ලෙසයි.Hirunika Malsha
Otara
Iraj
Mahela & Sangakkara Bhathiya