‘ෆෝන් ඇබ්බැහිය’ නිසා චීන පෙම් යුවල ස්ටේෂන් එකේ රන්ඩුවක



අද තරුණ තරුණියන් අතර පවතින ෆෝන් උන්මාදනය දැන් දැන් සමාජයේ අලූත් ප‍්‍රශ්න ඇති කරවන්නට හේතුවක් වෙලා. පසුගියදා චීනයේ බීජිං නුවර දුම්රිය ස්ථානයක පෙම් යුවළක් ප‍්‍රසිද්ධියේ රන්ඩුවක පැටලූනේ,
පෙම්වතා දුම්රියට නගින්නේ නැතිව අයිෆෝනයේ එල්ලී පණිවිඩ ටයිප් කරමින් සිටීම නිසා. ඇය සිය
ගමන්මළු දුම්රියට පටවා බලා සිට ඇත්තේ පෙම්වතාද නගින තුරුය. ඔහුට නගින්නට අඬගැසුවත් ෆෝන් ඇබ්බැහිය නිසා ඇය කියන දේට
ඔහු කන්දී නැත. දෙතුන්වර අඬගැසුවත් දුම්රියට එන්නේ නැති නිසා පෙම්වතිය ඔහු වෙත ගොස් ෆෝන් එක ඇද දමා ඔහුව බිමදිගේ ඇදගෙන ගොස් දුම්රියට ඇතුළු කළා. මෙම සිද්ධිය දෙස අවට සිටි සියල්ලන් විමතියෙන් බලා සිටියේ අද කාලයේ තියෙන ප‍්‍රශ්න වල හැටි යයි කියමිනි. මේ අවස්ථාවේ දුම්රිය මගියෙකු ලබාගත් ඡායාරූප දැන් චීන මාධ්‍ය අතර ප‍්‍රචලිතව තිබෙනවා.
පහත පළවන්නේ ඒ කිහිපයකි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්