දොස්තරගෙන් බෙහෙත් ගන්න ගිය අය පොලිසියට දීපු කෝල්ස්... වෛද්‍ය ප‍්‍රියංගි මියගියේ කල් ඉකුත්වූ ප‍්‍රතිජීවකයක් නිසා
බම්බලපිටිය ප‍්‍රදේශයේ අනාරක්ෂිත රූපලාවණ්‍ය ශල්‍යාගාරයක් පවත්වාගෙන ගිය වෛද්‍ය නිමල් ගමගේ වෙතින් මීට පෙර ශල්‍යකර්ම සඳහා දින වෙන්කර ගැනීමට මුදල් ගෙවූ පිරිස් මේ වන විට අන්ත අසරණ වී සිටින බව වාර්තා වනවා.
ඇතැම් පිරිස් පොලිසියට දුරකථන ඇමතුම් ලබාදී තමන් දින වෙන්කර ගැනීම සඳහා රුපියල් 10,000ක මුදලක් මීට පෙර ලබාදුන් බවත් එම මුදල් නැවත ලබාගන්නේ
කෙසේද යන්නත් විමසා ඇත. එහෙත් එම මුදල් ලබාගැනීමට නොහැකි බව දැනගත් ඇතැම් පිරිස් දැඩිලෙස දුකට පත්ව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඉදිරියේ දී එම මුදල් සම්බන්ධව අධිකරණය දැනුවත් කරන බව පොලිසිය සඳහන් කරයි. ජනප‍්‍රිය නළු නිළියන් සහ දේශපාලනඥයින් විසින් ද මුදල් ගෙවා අදාළ වෛද්‍යවරයාගෙන් දින වෙන්කරගෙන ඇති අතර ඔවුන් ලජ්ජාව නිසා ඒ ගැන වචනයකින් හෝ විමසා සිටීම මගහැර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ඉදිරියේ දී වෛද්‍ය නිමල් ගමගේ ගෙන් ප‍්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව තවත් තොරතුරු හෙළිවනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරයි.
වෛද්‍ය නිමල් ගමගේ ලබන 25 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ඒ. එම්. සහබ්දීන් මහතා ඊයේ (18 දා* නියෝග කළේය.
සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ පවත්වන බැවින් සැකකාර වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය කරනු ලැබූ ඉල්ලීමක් කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර වෛද්‍යවරයාව ඉදිරිපත් කරනු ලැබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර වාර්තා ගොනු කරනු ලැබීය.
මෙම වෛද්‍ය මධස්ථානයේ තිබූ ඖෂධ සියල්ල කල් ඉකුත් වී තිබූ ඒවා බවත්, හදිසි අවස්ථාවක දී ලබාදිය යුතු ප‍්‍රාථමික මට්ටමේ ප‍්‍රතිකාරයක් හෝ මෙහි නොතිබූ බවත්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජයරත්න මහතා ඊයේ (18* මෙම සිද්ධියට අදාළව වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයේ දී කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
මෙහි දී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ සහකාර පොලිස් අධිකාරිවරයා
”ස්වාමීනි මෙම සිද්ධියට අදාළව රස පරීක්ෂක වාර්තා අධිකරණ වෛද්‍ය වාර්තා මෙන්ම මෙම වෛද්‍ය ස්ථානය සම්බන්ධයෙන් වාර්තා කිසිවක් මේ වනතෙක් ලැබි නෑ. ඒ වගේම තවමත් පරීක්ෂණ අවසන් වී නෑ. මෙම ස්ථානයේ සේවිකාවන් 4 දෙනෙක් කම්කරුවන් ලෙස සේවය කළා. මොවුන් හෙදියන් ලෙස සේවය කිරීම සඳහා පුහුණු වී තිබුණේ නෑ. අඩුම තරමේ සාමාන්‍ය පෙළවත් පාස් නෑ. මේ අය ප‍්‍රතිකාර ලබාදීමට තරම් සුදුසු අය නොවේ. මේ ස්ථානයේ දී හදිසි අවශ්‍යතාවකට ප‍්‍රථමාධාර දෙන්න අවශ්‍ය පහසුකම් තිබුණේ නෑ. එම්බියුලන්ස් එකක් නෑ. ට්‍රොලියක් නෑ. ඔක්සිජන් නෑ. අඩුම තරමින් මෙතන ප‍්‍රථමාධාර පෙට්ටියක්වත් නෑ. ජීවිත අවදානමක දී මෙතැන කිසිදු දෙයක් නෑ. මෙහි තිබිලා තියෙන්නේ කල් ඉකුත්වූ බෙහෙත්. කොටින්ම මේ මරණකරුට විදලා තියෙන්නේ කල් ඉකුත්වූ ප‍්‍රතිජීවක ඖෂධයක්. මේ බෙහෙත්වල හදපු දිනයක්, කල් ඉකුත්වන දිනයක්, නිෂ්පාදිත රටක් මොනවත්ම සඳහන් වෙන්නෑ. බෙහෙත් දාලා තිබුණේ බෑග්වල. දැනට මේ ස්ථානය සීල් තියලා. මේ සිද්ධිය වෛද්‍ය වෘත්තියට නිගා දෙන එකක් කියලා වෛද්‍යවරුන් අතර කැලඹීමක් ඇතිවෙලා තියෙන්නේ. ඔවුන් වැඩ වර්ජනයකට පවා යෑමට සූදානමින් සිටිනවා. එහෙම වුණොත් වෙන්නේ අසරණ රෝගී ජනතාව අපහසුතාවට පත්වීමයි. එම නිසා සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වෙනවා.
මෙහි දී අගතියට පත් වූ වෛද්‍යවරිය (මියගිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය පැල්පොලගොඩ අලූත්ගේ ප‍්‍රියංගි මහත්මිය* වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ වසන්ත පිටිගල මහතා මෙසේ පැවසීය.
ස්වාමීනි, වෛද්‍යවරයකු ළඟට යන ඕනෑම අයෙක් රෝගියෙක්. රෝගියා කියන කියන දේ කරනවා නම් ඒක වෛද්‍යවරයා කරලා තියෙන නොසැලකිලිමත් වැඩක්. මේ වෛද්‍යවරයා ශල්‍ය වෛද්‍යවරයෙක් නෙවෙයි. අනිත් එක හදිසි අවස්ථාවක් වුණොත් තට්ටු 6කින් පහළට එන්න ඕනෑ. මෙතැන ට්‍රොලියක් නෑ. ඔක්සිජන් නෑ. අඩුම තරමේ මුකුත්ම නෑ. නර්ස්ලට මේ තත්ත්වය පාලනය කරන්න බෑ. මං ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි මියගිය අයගේ මුදල් ඇයගේ ස්වාමි පුරුෂයාට භාරදෙන ලෙසට.
බම්බලපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පො.ප. වජිර ධනපාල මහතා
ස්වාමීනි, ප්ලාස්ටික් සැත්කම්වල දී නිර්වින්දන වෛද්‍යවරයෙක් සිටිය යුතුයි. ඔක්සිජන් පහසුකම් තිබිය යුතුයි. ඉතාමත් ආසන්නම ප‍්‍රතිකාරය තමයි ඔක්සිජන් ලබාදීම. ඉතා අපරික්ෂාකාරීව තමයි මේ දේ කරලා තියෙන්නේ. මෙම සැකකරු මේ ස්ථානයේ ප්ලාස්ටික් සැත්කම් කිරීම සිදු කරගෙන ගිහිල්ලා තියෙන්නේ කිසිදු අවසරයකින් තොරවයි. ශල්‍යාගාර පහසුකම් සිදුකිරීමට අවස්ථාවක් මෙතන නෑ. මේ වෛද්‍යවරිය පැය 1/2ක් ඇතුළත කුමන හෝ රෝහලකට රැගෙන ගියා නම් ජීවිතය ගලවාගන්න තිබුණා. මේ තැනැත්තිය 1.30ට ඒ ස්ථානයට ගිහිල්ලා තියෙනවා. 1.40ට තමයි එන්නත ලබා දීලා තියෙන්නේ. ඇය ජීවිතයත් මරණයත් අතර සෑහෙන වෙලාවක් සටන් කරලා. ඇගේ මරණය පොලිසියට දැනුම්දීලා තියෙන්නේ 3.00ට. මේ අතර කිසිදු ක‍්‍රියාමාර්ගයක් අරගෙන නෑ ඇය බේරාගන්න. පැමිණිලිකාරිය ආවේ කාර් එකකින්. මේ වෛද්‍යවරයාට කාර් එකක් තියෙන්න ඇති. ඇම්බියුලන්ස් ඕන නෑ. පාරේ යන ත‍්‍රීවීලර් එකකට අත දැම්මත් ඒක නතර කරලා රෝගියා රෝහලකට අරගෙන යන්න තිබ්බා. මේ අය මුකුත්ම කරලා නෑ. බිඳක් හරි සැලකිල්ලක් දක්වලා තිබුණා නම් රෝගියා බේරගන්න තිබ්බා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා
ස්වාමීනි, මගේ සේවාදායකයා වෛද්‍යවරයෙක්. ඔහුට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහතිකයක් පවා ලැබිලා තියෙනවා. (සහතිකයක් අධිකරණයට භාරදෙයි.*
මහෙස්ත‍්‍රාත්වරයා
මේ සහතිකය සාමාන්‍ය පුහුණු සේවා සහතිකයක් පමණයි. මොහු සාමාන්‍ය වෛද්‍යවරයෙක්. ශල්‍ය වෛද්‍යවරයෙක් නොවෙයි. මෙම සහතිකයේ තියෙන කොන්දේසි 2ක්ම මෙම තැනැත්තා කඩකරලා. මොහුට ශල්‍යකර්ම කරන්න අවසර නෑ. ඒ වගේම හදිසි අවස්ථාවක ප‍්‍රතිකාර ලබාදිය යුතුයි. ඒ දෙකම මොහු උල්ලංඝනය කරලා.
ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා
ස්වාමීනි, මොහු ඒ කොන්දේසි දෙකම කඩ කරලා. නමුත් එය ඇප ලබාදීමට බාධාවක් නොවෙයි. පොලිසිය කියන ආකාරයට මෙම තැනැත්තා උපරිම නොසැලකිලිමත් භාවයෙන් කටයුතු
කරලා. එය ඇප ලබා නොදීමට හේතුවක් නොවෙයි. ඖෂධ කල් ඉකුත්වූ ඒවාද කියලා බලන්නේ රජයේ ඖෂධවේදීන්. මුළු වෛද්‍ය වෘත්තිකයන්ගෙන්ම දැන් මගේ සේවාදායකයා කොන්වෙලා ඉවරයි.
මහෙස්ත‍්‍රාත්වරයා
(පොලිසියෙන්* වෛද්‍යවරුන්ට උද්ඝෝෂණය කරන්න තියෙන හේතුව මොකක්ද?
පොලිසිය
මහජන කැලඹීමක් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. මේ සැකකරුට ඇප ලබාදුන්නොත්. අනික මෙහි තිබි සොයාගත්තේ කල් ඉකුත්වූ බෙහෙත්. තාම පරීක්ෂණවත් අවසන් නෑ. විමර්ශනවලට බලපෑම් එල්ල විය හැකියි. එසේම මෙය නීති විරෝධී ශල්‍යාගාරයක් පවත්වාගෙන යාමක්.
මහෙස්ත‍්‍රාත්වරයා
මෙම සැකකරු රිමාන්ඞ් කළාම එම වරදවල් සිදුකිරීම අඩුවේවිද?
පොලිසිය
නෑ ස්වාමීනි. නමුත් මේ සිද්ධියට මෙම සැකකරු රිමාන්ඞ් වී දවස් 4යි. තාම මරණ පරීක්ෂණ සාක්ෂිවලට දිනයක් නියම වුණෙත් නෑ.
මහෙස්ත‍්‍රාත්වරයා
මොහුගේ බිරිඳ තාමත් මෙම ගොඩනැගිල්ලේ ජීවත් වෙනවා නේද?
පොලිසිය
ඔව් ස්වාමීනි. ඒ නිසා සාක්ෂිවලට බලපෑම් එල්ල විය හැකියි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරයා කල් ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධයෙන් වාර්තාවක් මෙන්ම මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් වාර්තාවක් ද ලබන 25 වැනි දා අධීකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් සැකකාර වෛද්‍යවරයා එදින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළේය. එසේම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන 22 වැනිදාට නැවත කැඳවන ලෙසට ද මෙහි දී අධිකරණයෙන් පොලිසියට නියෝගයක් නිකුත් විය.
බම්බලපිටිය පොලිසිය වෙනුවෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අජිත් මෙත්තානන්ද මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.
තොරතුරු - නිමන්ති රණසිංහ / ගයාන් ගාල්ලගේ