කොරියාවෙන් එවූ රන් මාල සොරා ඇල්ලූවේ පෑන් ඉරකින්
කොරියාවේදී මියගිය ශ‍්‍රී ලාංකිකයකුට අයත් රන් මාලයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ සැකකරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත්තේ පෑන් ඉරකින් බව පොලිසිය සඳහන් කරයි.
එනම් අදාළ සැකකාර කාර්යාල කාර්ය සහායකයා විසින්
බෙදාහැරීම් අංශයේ පොතක අදාළ රන්මාලය
අයත් බෑගයෙහි අංකය සඳහන් කොට එය ඉරකින් කපා දමා තිබි ඇත.
එය සිදුකර ඇත්තේ ඔහු මාලය සොරා ගත් ජූලි 09 වැනිදාට පසු දිනයේදීය.
එසේ සොරා ගැනීමෙන් පසුව ඔහු 10 වැනිදා අදාළ බෑගයේ අංකය 09 ලෙසට සටහන් කොට ඉරකින් කපා දමා තිබි ඇත. පසුව එය පොලිසිය විසින් රැගෙන ගොස් රස පරීක්ෂක කාර්යාලය තම පරීක්ෂණ සිදු කිරීමේදී අදාළ අංකය කපා දමා ඇති ඉරෙහි විශේෂත්වයක් දැක ඇත. එනම් එය අනෙකුත් අංක කපා දමා ඇති ආකාරය හා සසඳන විට කිසියම් වෙනසක් එහි දක්නට ලැබි ඇත. ඒ අනුව මෙම අංකය වෙනත් අයකු විසින් ඇතුළත් කර ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් බෙදාහැරීමේ අංශයේ පොත් තුළ සටහන් දැමූ බව පිළිගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරක්ෂිත තැපැල් අංශයේ කාර්යාල කාර්ය සහායකයෙකි.
ගයාන් ගාල්ලගෙ