රූපවාහිනියෙන් ගුටිකෑ කුඩු නුවන් කුඩු ග‍්‍රෑම් 301ක් සමග අත්අඩංගුවට

කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධාන මත් ජාවාරම්කරුවකු ලෙස කාලයක් නම් දරා සිටි ‘කුඩු නුවන්‘ නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේදීය.

එසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි කුඩු ග‍්‍රෑම් 301ක ප‍්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.
මොහු කොළොන්නාව නගරසභාවේ මන්ත‍්‍රීවරයකුගේ මස්සිනා බවද පොලිසිය සඳහන් කරයි. කාලයක පටන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් කිහිප වතාවක් තොරතුරු ලැබුණු බවත් පොලිසිය සඳහන් කරයි.නුවන් බොහෝ දෙනකු හඳුනන්නේ දේශපාලනඥයකු සමග ජාතික රූපවාහිනියට ඇතුළු වී පහරදීමට උත්සාහ ගත් අවස්ථාවේ සිටි අයකු ලෙසිනි. ඔහු ඒ අවස්ථාවේ රූපවාහිනී සේවකයන්ගේ පහරකෑමටද ලක්විය.
ගයාන් ගාල්ලගේ 

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්