රත්මලාන සැලොන් එකකදී 25 හැවිරිදි තරුණයා වෙඩිකා නසී

අද (17) දහවල් රත්මලාන තෙලවල ප‍්‍රදේශයේ පිහිටි කොන්ඩය කපන ස්ථානයකට බාහිර පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ 25 හැවිරිදි තරුණයෙකු කොණ්ඩය කපමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබෙනවා.
‘හසිඳු සැලූන්’ නමැති මෙම ස්ථානයට පැමිණි පුද්ගලය අත තිබුනේ ටී56 ගිනි අවියක් බවට පොලිසිය සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණයවී තිබෙනවා.
කවර හේතුවකට කවුරුන් විසින් මෙම ඝාතනය සිදු කළේද යන්න තවම අනාවරණය නොවේ.ඝාතකයන් යතුරු පැදියකින් පැමිණ ඇති බවට සැකකෙරේ. මියගොස් ඇත්තේ පියුමාල් අබේරත්න නමැති රැකියා ඒජන්සියක සේවය කරන තරුණයෙකි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්