තරුණිය දැන් අත්අඩංගුවට ගත්තෙ ඇයි -හිරුනිකා දෙන්නගෙම වැරදි තියනවා -රන්ජන්
වාරියපොළ පහරදීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් තිලිණි අමල්කා නමැති තරුණිය රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස වාරියපොළ වැඩ බලන මහේස්ත‍්‍රාත් ශ‍්‍රීමතී රාජපක්ෂ මහත්මිය ඊයේ සවස නියෝග කළා.
රත්මලාන ෆැක්ටරියක සේවය කරන තිලිණි අමල්කා නීතීඥවරයකු සමග ඊයේ වාරියපොළ පොලීසියට
පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණ අතර පැය 2කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇයගේ මානසික තත්වය පරීක්ෂා කිරීමට
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු හමුවට යොමු කර තිබුණා. අදාළ වාර්තාවේ තරුණියට කිසිදු මානසික ආබාධයක් නොමැති බව දක්වා ඇති බවද දහවල් වනවිට තහවුරු වුණා. තරුණිය වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයට යොමු කර ඇප ලබාගත්තේ ඉන් අනතුරුවයි.
ඇයගේ අත්අඩංගුවට ගැනීම ගැන අදහස් පළකරන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි නීතිඥ හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර කියා සිටියේ පොලිස්
ක‍්‍රියාමාර්ග මෙතරම් ප‍්‍රමාදවීම හාස්‍යයට කරුණක් බවයි. ඇය ඬේලි මිරර් පුවත්පතට අදහස් පළකරමින් මෙසේ කියා සිටියා.
මේ වගේ දේවල් වලට මමත් මුහුණදීලා තියනවා. නමුත් මම විශ්වාස කරනවා කාන්තාවකට ඉවසීම තිබිය යුතු බව.ඔහුට එකපාරකට වඩා ගහන්න ගිය එක හොඳටම වැඩියි. නමුත් මං කියන්නෙ නෑ කාන්තාවක් මේ හැමදේම කරබාගෙන ඉන්න ඕන බව. වීදි හිංසනය අපි පිටුදැකිය යුතුයි.
මේ තරුණයාගේ කන් ඇසීමේ ප‍්‍රශ්නය සති දෙකක් තරම් පමාවී ඇතිවීම සැක සහිතයි. ඒක කාගෙහරි උපදෙසක් නිසා කරන්න ඇති.එසේම පහරදීමක් වුණාම පොලිසිය මෙතරම් පමාවී කෙනෙකු අත්අඩංගුවට ගැනීමත් හාස්‍යජනකයි. ඒක කරන්න තිබුනෙ සිද්ධිය සිදුවුණ සුමානය ඇතුළතයි.සිද්ධිය ගැන රටේ ආන්දෝලනයක් වුණාට පස්සේ තමයි මෙහෙම කරන්න හිතිල තියෙන්නෙ.
සිද්ධිය ගැන අදහස් පළකරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී
සිනමා නළු රන්ජන් රාමනායක කියා සිටියේ තරුණිය පැය භාගයකන් පමණ කණට ගැසීම තමා අනුමත නොකරන බවයි. ඔහු ඒ ගැන කිව්වේ මෙසේය.
‘මං මේ සිද්ධිය ඇසින් දුටුවෙ නැති නිසා හරියටම අදහසක් දෙන්න අමාරුයි. නමුත් පැතිරිල ගියපු වීඩියෝවයි ලැබෙන ආරංචියි අනුව මේ දෙන්න අතේම වැරදි තිබිල තියනවා. පොලිසිය නීතීඥයින් විනිසුරන් මේව ගැන සලකල තීන්දුවක් දෙන්න ඕන.
විහිළුවක් කළා කියල එකපාරක් ගැහුව නම් කමක් නෑ..ඒත් පැය භාගයක් තිස්සෙ ගහපු එක නම් අනුමත කරන්න බැහැ. එයාට ඕන නම් ඒ වෙලාවෙ පොලිසියට යන්න තිබ්බා. කවුරුහරි නීතිය අතට අරන් ක‍්‍රියාත්මක වීමත් වරදක්.’