ලංකාවේ වයස්ගතම උක්කුඅම්මා කෑගල්ලේදී හෙල්ල වීසි කරපු හැටි

පසුගියදා කෑගල්ල මහජන ක‍්‍රීඩාංගනයේ පැවැත්වුණු ප‍්‍රවීණයන්ගේ මළල ක‍්‍රීඩා උළෙලට විශේෂ තරගකාරියක් ලෙස එක්වුනේ වයස අවුරුදු 112 ක්වන පිහිටිගේ අනුලාවතී හෙවත් ‘කිරි උක්කු
අම්මා’ය. ඇය එහිදී යගුලිය විසි කිරීම හා හෙල්ල විසි කිරීම යන ඉසව් වලට එක්වූයේ කාගේත් අත්පොළසන් මැදයි.
දැනට ලංකාවේ ජීවත්වන වයස්ගතම කාන්තාව ඇය බව කියැවෙනවා.
කාගේත් අත්පොළසන් මැද තරග ඉසව්වලට ඇය එක්වුණු පසු එහි සිටි පිරිස මේ වයෝවෘද්ධ මෑණියන්ට වැඳ නමස්කාර කරා.
ඇය යගුලිය හා හෙල්ල විසි කරන ලද අවස්ථාවන්හි වීඩියෝව පහතින්