අයිස් බකට් නාන්න කලින් අපේ මිනිස්සුන්ට වතුර දෙන්න - රන්ජන්

අයිස් බකට් තරගයට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.  නියඟය තියෙන මේවගේ වෙලාවක අයිස් බකට් එකක් ඔළුවේ හලාගන්නවාට වඩා අසරණ මිනිසුන්ට පානීය ජලය ලබා දෙන එක වටිනවා. මැදපෙරදිග පානීය ජලය නැතිව ඉන්න මිනිස්සු මම අයිස් වතුර බකට් එකක් ඔළුවේ හලාගන්නවා දැක්කොත් මොනව හිතයිද දන්නෑ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පැවසීය.

මේ වන විට ලොව පුරා කතාබහට ලක්වන අයිස් බකට් චැලේන්ජ් තරගයට සම්බන්ධ වීම සඳහා රංජන් රාමනායක මහතාට අවස්ථාව ලැබිම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඒ මහතා එලෙස ප‍්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ රංජින් රාමනායක මහතා

අයිස් බකට් එකක් ඔළුවේ හලාගන්නවාට වඩා සේවයක් කරන් අපිට පුළුවන්. ඒවාට සම්බන්ධ වුණ අයට මාධ්‍ය මගින් විහිළු කරලා කාටූන් ඇඳලා එහෙමත් තිබුණා. මේ වැඩසටහට දොසක් කියනවා නෙවෙයි. මම මේ කියන්නේ මගේ පුදගලික අදහස. මැදපෙරදිග සවුදි අරාබියේ තානාපති කාර්යාලය ඉදිරිපිට, සර්දිහා පාලම යට, කන්දාර පාලම යට හා හිරගෙවල්වල දුක් විඳින අපේ මිනිසුන් වතුර නැතිව ඉන්නවා. ඒවගේ වෙලාවක මම අයිස්වතුර නානවා දැක්කොත් එයාලා මොනවා හිතයිද?

ඊට වඩා හොඳයි එයාලට වතුර බෝතලය බැගින් ගිහින් දෙනවා. අනික මේ වගේ වෙලාවකදී වතුර අපතේ යවන්න නරකයි. මේ වැඩසටහනේදී

වතුර ලීටර  ගණන් අපතේ ගියා. මේවතුර නියඟයෙන් දුක් විඳින්න මිනිසුන්ට ගිහින් බෙදුවා නම් ඉවරයි නේද?
සමහර දේශපාලනඥයින් මේ වැඩසටහනට දායක වෙලා තිබුණා නේද? අපි ඒ සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාගේ අදහස විමසුවා.

ඇත්තෙන්ම අපේ රටේ දේශපාලනඥයින් නොකරන දේ දේශපාලනය. උදේ ඉඳන් ඔවුන් කරන්නේ දුරකථනවල එල්ලිලා ඉන්න එක. අනතුරුව සාදවලට සහභාගි වෙනවා ඒ වගේ වැඩ තමයි කරන්නේ. දැන් ඒත් එක්කම බැලූවම අලූත් ප‍්‍රවණතාවය තමයි මේ සියලූම වැඩ නවත්තලා අයිස් බකට් ඔළුවේ හලාගන්න එක. තමන්ට පැවරිලා තියෙන රාජකාරිය හරියට කළා නම් මීට වඩා හොඳයි නේද?

දැන් තව ටික දවසකින් එයි මිනිස්සු ගස් බැඳීමේ චැලේන්ජ් එක. රණවිරුවන්ට පහරදීමේ චැලේන්ජ් එක. ගුරවරු දණ ගස්වන චැලේන්ජ් එක, කුඩු බෙදාහරින චැලේන්ජ් එක, ළමා අපචාර චැලේන්ජ් එක වගේ චැලේන්ජ් එයි. මීට වඩා දේවල් අපිට කරන්න පුළුවන්. අපිට මිනිස්සුන්ට දාන දෙන චැලේන්ජ් වගේ දේවල් පටන් ගන්න පුළුවන් යැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මයුරි පෙරේරා

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්