කොලඹ පාවෙන වෙලෙඳපොල අද සිට

කොළඹ බැස්ටියන් මාවත බේරේ වැව මත ඉදිකළ පාවෙන වෙළෙඳ සංකීර්ණය අද (22 දා* ප.ව. 6.00 ට සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක කොළඹ නගර අලංකරණ හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් යුද හමුදා ශ‍්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 150 ක වියදමින් මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිකරනු ලැබීය.
වෙළෙඳ කුටි 92 කින් සමන්විත මෙහි සුපිරි අවන් හලක් සහ කුටි 10 ක දේශීය ආයුර්වේද නිෂ්පාදන අලෙවි සැල් පිහිටුවා ඇති අතර ඉතිරි ඒවා ඒ අවට ප‍්‍රදේශයේ අනවසර හා අවිධිමත් ලෙස ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් වෙත ලබාදී ඇත.
සිරිමෙවන් කස්තුරිආරච්චි





Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි