Face Book ආදර හුටපටය උසාවියට ගොස් පෙම්වතාට ඇප දුන් පසු පිහි ඇනුමකින් පියා මරුට

අද උදෑසන කොළඹ රථ වාහන මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට දි ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ආදර හුටපටයක් සම්බන්ධ නඩු විභාගයක් සඳහා පැමිණි පෙම්වතාට ඇප ලැබුණ පසු පෙම්වතියගේ පියා කළ පිහිඇනුමකින් ඔහු සමග සිටි ඔහුගේ පියා මෙහිදී මරුමුවට පත්වුණා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
කොටහේන මෝදර ප‍්‍රදේශයේ පදිංචි කොළඹ ද්‍රවිඩ කාන්තා විද්‍යාලයක ඉගෙනුම ලබන වයස
අවුරුදු 17 ක් වූ තරුණියක
සමග ෆේස් බුක් මගින් හාදවූ මොරටුව සොයිසාපුර පදිංචි
ඇඩොන් නිරෝෂන් නමැති 25 හැවිරිදි මෙම සැකකාර තරුණයා
කාලයක් තිස්සේ පෙම් සබඳතාව පවත්වා තිබෙනවා. පසුව ඇයත් ඔහුත් ස්ථාන කිහිපයකදී මුණගැසී ඇති අතර සබඳතාවය මුණගැසීමට එහා ගිය ලිංගික ඇසුරක් දක්වා දුරදිග ගෙන යන්නට තරුණයාට උවමනාවී ඇත. නමුත් පාසල් යන වයසේ වූ තරුණිය එයට බියක් දක්වා ඇති අතර ඔහු කළ යෝජනාවන් සියල්ල ඉවත දමා ඇත.
නමුත් මේ සඳහා උපක‍්‍රමයක් භාවිත කර තිබුණ තරුණයා ඇය සමග නිදහසේ කථා බස් කරන්නට අවශ්‍ය යයි කියා ඇය කැටුව හෝටලයකට ගිය අවස්ථාවක ඇයට දුන් සිසිල්බීම සමග මත්වන ද්‍රව්‍යයක් මිශ‍්‍ර කර ඇය මත්වූ පසු හෝටලයේ කාමරයක් වෙත ඇයව රැගෙන ගොස් ඇති අතර පසුව මත්ව සිටි ඇයව බලහත්කාරයෙන් දූෂණය කර ඇත. මේ අවස්ථාවේ ඇගේ නිරුවත් ඡායාරූප ගැනීමටද ඔහු කටයුතු කර තිබුණා.

සිදුවූ දේ ගැන ඇයට වැටහීමක් ඇතිව තිබෙන්නේ මත්ගතිය පහව ගිය පසුය.තමා තරුණයාට මුළාවූ බව තේරුම්ගෙන මෙම සිද්ධියෙන් පසු නිවසට ගිය නමුත් තරුණිය සියල්ල රහසක් වශයෙන් තබාගෙන සිටියා.
නමුත් ටික දිනක් යනවිට තරුණයා ඔහුගේ ෆේස්බුක් පිටුවෙන්ද අතුරුදන්ව සිටි අතර ඇයගේ ඇමතුම් වලට ප‍්‍රතිචාර දැක්වූයේද නැත.තමා අමතක කර දමා තිබුණ තරුණයාට ඇය ඊළ`ගට පණිවිඩයක් තබමින් කියා සිටියේ සිදුවූ සියල්ල පියාටද කියා පොලිසියට ගොස් පැමිණිලි කරන බවයි. මෙයට කුපිත වූ තරුණයා අනතුරුව ඇයට තර්ජනය කර ඇත්තේ තමා සතුව ඇගේ නිරුවත් ඡායාරූප ඇති බවත් පොලිසියට යන්නට උත්සාහ කළොත් ඒවාද ප‍්‍රසිද්ධ කර අවමානයට පත්කරන බවත්ය.
මෙම අනපේක්ෂිත ගැටලූවට මැදිවූ තරුණිය සියල්ල පියාට කියා පොලිසියට ගොස් පැමිණිලි කළේ ඉන් අනතුරුවයි.
තරුණිය පැහැර ගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධව මෙන්ම ඇයගේ නිරුවත් ඡායාරූප ප‍්‍රසිද්ධ කරන බවට කරන තර්ජනය සම්බන්ධයෙන්
අගොස්තු 19 වන දින කොටහේන පොලිසියට ඔවුන් පැමිණිලි කළා.
පසුව පැමිණිල්ලට අදාලව මොරටුව ප‍්‍රදේශයේ පදිංචි ඇඩොන් නිරෝෂන් නැමති අවුරුදු 25
ක්වූ ද්‍රවිඩ තරුණයා කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. පසුව ඔහුව කොළඹ අංක  03 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සැකකරු අද දින දක්වා අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබී අද උදෑසන උසාවියට ඉදිරිපත් කරනු ලදුව ඇප ලබා දී තිබුණා’

තම දියණියට සිදු කළ හිරිහැර සම්බන්ධයෙන් දැඩි පීඩනයකින් කල්ගත කළ පියාට

මෙම තරුණයාට ඇප ලැබීම ගැන ඇතිවූ කේන්තිය පිට කර තිබුනේ පිහිපහර වලිනි.
ඇප ලබා දීමෙන් අනතුරුව තරුණයා අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී තරුණියගේ පියා තරුණයාටත් ඔහු සමග පැමිණි ඔහුගේ පියා හා නංගීටත් ස`ගවාගෙන පැමිණි පිහියකින් ඇනගෙන ඇනගෙන ගිය අතර මේ නිසා තරුණයාත් ඔහුගේ 23 හැවිරිදි සොයුරියත් තුවාල ලැබූ අතර තරුණයාගේ පියා වන වයස අවුරුදු 61 ක් වු ජී’ඒ’ ජේසීලන් යන අය මියගියා.
සැකකාර 25 හැවිරිදි තරුණයා ඇඩොන් නිරෝෂන් හා තරුණයාගේ සහෝදරිය වන වයස අවුරුදු 23 ක්වූ දිලීෂා යන අය කොළඹ ජාතික රොහලට ඇතුලත් කර තිබෙනවා.
මිනීමැරුම සිදු කළ තරුණියගේ පියා අවුරුදු 51 ක් වූ මුත්තයියා සෙල්වරාජ්
කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්