දඹුල්ල බස්-ට‍්‍රක් අනතුරින් සෙබලෙකු මරුට 27 කට තුවාල -ශිෂ්‍යත්ව දරුවකුත් රෝහලේ

දඹුල්ල ඉනාමලූවේදී අද(17) උදෑසන යුද හමුදා ට‍්‍රක් රියක් හා පෞද්ගලික බසයක් ගැටී එක් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සෙබලූන් දෙදෙනෙකු ඇතුලූ 27 දෙනෙක් තුවාල ලැබුවා.
දඹුල්ල රෝහලට ඇතුලත් කළ තුවාල කරුවන් අතර පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුවෙකුද සිටි අතර තවත් සිසුන් තුවාල සහිතව ශිෂ්‍යත්ව විභාගය ලියන්නට ගොස් තිබුණා.