අනුර කුමාර දිනමිණට දැමූ නඩුව විසිවේ

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා දිනමිණ පුවත්පතේ පළ වූ ලිපියකින් සිදුවූ කීර්ති හානියට හා මානසික පීඩනයට වන්දි ඉල්ලා පැවරූ නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප‍්‍රභ කිරිමට කොළඹ දිසා අධිකරණය (18) තීන්දු කෙළේය.

අනුර කුමාර දිසානායක මහතා රුපියල් මිලියන සියයකට මේ නඩුව තක්සේරු කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීම ජනතාව සතු අයිතියක් බවත් දිසානායක මහතා පිළිබඳ පුවත සත්‍ය
ද්වේශ්‍යකින් තොරව මහජන යහපතට පළකරන ලද
පුවතක් බවත් පෙන්වා දුන් කොළඹ දිසා අධිකරණය සිමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සාමාගමට (ලේක් හවුස් ආයතනයට* හා දිනමිණ උපදේශක කර්තෘ මහින්ද අබේසුන්දර මහතාට එරෙහිව පවරා තිබු නඩුව මෙසේ නිශ්ප‍්‍රභ කළේය.

පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා පිළිබද දිනමිණ පුවත්පතේ පළමු පිටුවේ පළවු ප‍්‍රවෘත්තිය සත්‍ය පුවතක් බවත් එමගින් අනුර කුමාර දිසානායක මහතා කුමන්ත‍්‍රණ කාරයකු ලෙස හැගීයන බවට සාක්කි නොමැති බවත් සඳහන් කරමින් කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය මේ තීන්දුව නිකුත් කළාය.

2008 අප‍්‍රියල් 02 දින දිනමිණ පුවත්පතේ පළමු පිටුවේ ”මහා රාජාගේ සිහිනය සැබෑ වන ලකුණු ජවිපෙ ප‍්‍රබලයකු එලවන්න රවිගේ ගෙදර රහස් කතා ” යන මැයෙන් පළවු ප‍්‍රවෘත්තියෙන් තමන්ට අපහාසයක් වු බවත්, එම නිසා ජනතාව ඉදිරියේ තමන් කුමන්ත‍්‍රණ කාරයකු පිළිකුල් හැගීමක් ඇතිවු යේ යැයිද ඊට වන්දි ලෙස ලේක් හවුස් ආයතනයෙන් රුපියල්

මිලියන සියයක වන්දියක් අයකර දෙන ලෙසඳ ඉල්ලා මේ නඩුව පවරා තිබිණි.

වසර කීපයක් පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි කැදවා නඩුව විභාග කිරිමෙන් අනතුරුව ඊයේ දිනයේ පිටු 28 කින් යුතු සිය තීන්දුව ළබාදුන් කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය මෙසේද ප‍්‍රකාශ කළාය. පැමිණිලිකාර අනුර කුමාර මහතා රවි කරුණානායක මහතා සමඟ දේශපාලන කටයුතු කිරිමේදි ඉතාම ළගින් ආශ‍්‍රය කල බවට සාක්කි මගින් පැහැදිලි වෙනවා. 2010 මැතිවරණයේදි විපක්ෂ නායක වරයා සමඟ එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රිවරුන් සමඟ පොන්සේකා මහතා සමඟ කටයුතු කර ඇති බවට සිය සාක්කි මගින් පිළිගෙන ඇති අනුර කුමාර මහතා දිනමිණ ප‍්‍රවෘත්තියේ සඳහන් දේ සාක්කි මගින් පිළිගෙන නෑ.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රශ්නයක් නොතිබු බවට ප‍්‍රකාශ කිරිමට උත්සාහ දරා ඇති දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුනෙන් මන්ත‍්‍රිවරුන් දස දෙනකු ඉවත් වුනේ ඇයි කියලා සඳහන් කරලා නෑ.මේ ප‍්‍රවෘත්තිය පළවන විට විමල් විරවංශ මහතාට එරෙහිව ජනතා විමුත්ති පෙරමුණ විනය පරීක්ෂණයක් කැදවා ඇති බවද පැමිණිලිකරු පිළිගෙන ඇත. මේ අනුව දිනමිණ පත‍්‍රයේ නඩුවට අදාළ ප‍්‍රවෘත්තිය සත්‍ය පුවතක් ද්වේශයකින් තොරව ඉදිරිපත් කර ඇති බවට පැහැදිලි වෙනවා. මේ පුවත මගින් අනුර කුමාර දිසානායක මහතා සාමාන්‍ය ජනතාව අතර පිළිකුල් හැගීමක් ඇති කිරිමට සමත් වුයේද යන්න පැමිණිල්ල මගින් සාක්කි ඉදිරිපත් කර නෑ.

පැමිණිලිකරු එසේ පිළිකුලක් මහජනතාව තුළ ඇතිවු බවට සිය මතය පමණක් ඉදිරිපත් කර තියෙනවා. විත්තිකාර කර්තෘ මහින්ද අබේසුන්දර මහතා සාක්කි දෙමින් මේ පුවත පිළිබඳ තමන් වගකීම බාර ගන්නා බවත්, තොරතුර ලබා දුන්‍්නේ කවුරුන්ද යන්න ප‍්‍රවෘත්තියේ හෙළි නොකල බවත් ප‍්‍රවෘත්තිය තොරතුරු දැන ගැනීමේ මහජන අයිතිය උදෙසා පළකර සිටි බවත් අනුර කුමාර මහතා පිළිබඳ ද්වේශ්‍යක් නොමැති බවට සඳහන් කළ අතර සිය පුවතේ අනු ර කුමාර කුමන්ත‍්‍රණ කාරයකු බවට සඳහන් කර නොමැති බවට පවසා ඇත.

මෙම සියලූ සාක්කි මත පැමිණිල්ල ගාස්තුවට යටත්ව නිශ්ප‍්‍රභ කිරිමට දිසා විනිසුරු අලහප්පෙරුම මහත්මිය තීන්දු කර තිබිණි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි