රෙබෙකාගේ දේහය දැන් කලාභවනේ අවසන් කටයුතු අද සවස

අභාවප‍්‍රාප්ත රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී ගේ දේහය මේවනවිට කලාභවනට රැගෙන ගොස් ඇත.
කලා ශිල්පීන් විශාල සංඛ්‍යාවක් ඇයට ගෞරව දක්වන්නට මේවනවිටත් එහි ගොස් ඇත.
පෙරවරු 9.00 සිට සවස 4.00 දක්වා කොළඹ 07 කලාභවනේ මෘත දේහය තැන්පත් කර තිබෙන බවත් අනතුරුව අද සවස 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී ආදාහන කටයුතු කරන බවත් වාර්තා වුණා.