සිරුරේ හිරවුණ ඉඹුල් ගස් අතු කෑල්ල ඉවත්කළ හම්බන්තොට විශ්වකර්ම සැත්කම
ගසකට යටවුණ පුද්ගලයෙකුගේ ශරීරයේ දකුණු උරබාහුව පසාරු කරගෙන ඇතුළට කිදා බැසගත් ඉඹුල් ගසක අත්තක් සැත්කමක් මගින් ඉවත් කර ජීවිතය බේරාදෙන්නට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.
මෙම සැත්කමට භාජනය කිරීමෙන් පසු දිවි බේරා ගෙන ඇත්තේ අම්බලන්තොට ලූණම ප‍්‍රදේශයේ පදිංචි ඒ.පී. සංජීව නමැති වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.
ඔහු පසුගිය 22 දා සවස් යාමයේ යතුරු පැදියකින් අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරාය මාර්ගය ඔස්සේ තමාගේ ගව ගාල වෙත යමින් සිටියදී එකවර
අහස කළුකර තිබුණ අතර වර්ෂාවත් සමග හමා ආ තද සුළ`ගට පාර අයිනේ තිබූ ඉඹුල් ගසක් ඔහු ඉදිරියට කඩා වැටුණා.
එම අවස්ථාවේ එහි අත්තක් ඔහුගේ ශරීරයේ දකුණු උරබාහුව පසාරු කරගෙන ඇතුළට කිදා බැස්සා. එය අනෙක් පැත්තෙන් මතුවුනේ නැත. මෙයින් අධික වේදනාවටය පත් ඔහු කෑ ගසද්දී එම ස්ථානයට පැමිණි ප‍්‍රදේශවාසියෙකු ඔහුගේ ශරීරයට හානියක් නොවන සේ අත්ත පිහියකින් අඩි 3 ක් පමණ ඉතිරි වන සේ කපා ඔහුව වහාම අම්බලන්තොට මූලික රෝහල වෙත රැගෙන ගියා.
අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විගස ක‍්‍රියාත්මක වූ වෛද්‍යවරුන් මූලික ප‍්‍රතිකාර සංජීව මහතාට ලබාදී, ගිලන් රථයෙන් හම්බන්තොට මහ රෝහල වෙත වෛද්‍යවරයකුද සමඟ රැගෙන ගියා.
අනතුරුව හම්බන්තොට රෝහලේදී ඔහුව ශල්‍යාගාරයට රැගෙන ගොස් සැත්කමකට භාජනය කරන්නට උතක්සාහ කළත් වෛද්‍යවරුන්ට විශාල ගැටලූවක්වී ඇත්තේ ශරීරයේ ඇනී තිබූ ලී කැබැල්ල දිග වැඩිවීමයි.
මේ හේතුවෙන් ඔහුව සී.ටී. ස්කෑන් යන්ත‍්‍රයට ඇතුළත් කිරීමට අපහසුවීමයි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මෙම ලී කැබැල්ල සිරුරට හානියක් නොවන සේ කපා කොට කිරීමට යකඩ කැපීමට යොදා ගනු ලබන අත් කියතක් ශල්‍යාගාරය වෙත රැගෙන ආඅතර පසුව ඉතා සූක්ෂම ලෙස රෝගීයාගේ ශරීරයේ රුධිර නාල හා බල නහර වලට හානියක් නොවන සේ ක‍්‍රම ක‍්‍රමයෙන් කපා එය කොට කර ස්කෑන් පරීක්ෂණය සිදු කළා.
ඉන් අනතුරුව අවශ්‍ය සැත්කම පැය 3 - 4 ක කාලයක් තුලදී සිදු කර ලී කැබල්ල ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.
සැත්කමින් පසු සංජීව මහතා දැන් සුවය ලබා ඇත.
සැත්කම සිදුකළ ප‍්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහින්ද මල්ලවතන්ත‍්‍රි මහතා කියා සිටියේ, හම්බන්තොට රෝහලට මෑතකදී ලැබුණු මේ සී.ටී. ස්කෑන් යන්ත‍්‍රයත් විශේෂඥ වෛද්‍ය සේවයත් නිසා මෙම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවයි. රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ දැඩි උනන්දුව මත මෙම රෝගීයා බේරා ගැනීමට ඔවුන්ට හැකිවූ බවද පැවසුවා.රෝහල වෙත රෝගියා රැගෙන ඒමට පෙර ලී කැබැල්ල ශරීරයට හානියක් නොවන සේ අත්තෙන් ඉවත් කළ පුද්ගලයා සහ මූලික රෝහලේ ක‍්‍රියාකාරීත්වයද මෙය සාර්ථක වන්නට හේතුවක් වූ බව ඔහු පැවසුවා.
ඡායාරූප හා විස්තර අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර