රෙබෙකාගේ අවසන් ඉල්ලීම නන්දා මාලිනියගේ රෝස කුසුමක් පිපේවි

අද අවසන් ගමන් යන ටෙලි නිළි රෙබෙකා නිර්මලී ලෙඩ ඇඳේ සිටියදී අවසන් අයැදුම ලෙස ඉල්ලා ඇත්තේ ඇගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ ඇය ආස කරන එක්තරා ගීතයක් වාදනය කරන ලෙසයි. ඒ බව ඇගේ හිතවත් ටෙලි ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලී ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙළි කර සිටියා.
එම සුවිශේෂී ගීතය වන්නේ විශාරද නන්දා මාලිනී

ගයන රෝස කුසුමක් පිපේවි ගීතයයි.
එහි පදවැල පහත දැක්වේ එම ගීතය අඩංගු වීඩියෝවක් ගොසිප් ලංකා පහතින් ඉදිරිපත් කරන්නේ රෙබෙකා නිල්මිණීට උපහාර වශයෙනි.

රෝස කුසුමක් පිපේවි රතු රෝස කුසුමක් පිපේවි
සොහොන් බිම මා වල දැමූ තැන රෝස කුසුමක් පිපේවී
ජීවිතේ කිසිදාක මෙලොවින් ආදරේ දිය බිඳක් නොලැබූ
ගැහැනියක පෙර දවස විසූවග ඒ මල කියාවි

රෝස කුසුමක් පිපේවි රතු රෝස කුසුමක් පිපේවි
සොහොන් බිම මා වල දැමූ තැන රෝස කුසුමක් පිපේවී

මිලාන වූ සිරුරේ තැනින් තැන ආදරේ සරණක් සිඟා ගිය
අන්ත අසරණ යුවතියක ගැන, පිපුණු ඒ මල හඬා වී..

රෝස කුසුමක් පිපේවි රතු රෝස කුසුමක් පිපේවි
සොහොන් බිම මා වල දැමූ තැන රෝස කුසුමක් පිපේවී
ජීවිතේ කිසිදාක මෙලොවින් ආදරේ දිය බිඳක් නොලැබූ
ගැහැනියක පෙර දවස විසූවග ඒ මල කියාවි